ජාතික ගුවන් විදුලියේ ඉල් පෝ දා පූජා සදහම් වන්දනාව සජීව විකාශය දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිට.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වන පෝ දා පූජා සදහම් වන්දනාව  සජීව විකාශය මෙවර ගෙන එන්නේ දඹදිව සාංචි චේතියගිරි විහාරස්ථානයේ සිටයි. සාංචි – චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි විදිසා, සාංචි, බෝපාල් යන ප්‍රදේශවල සහ ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම ඉල් පෝ දා පූජා සදහම් වන්දනාව වැඩ සටහන් සිදු කෙරෙන බව සාංචි චේතියගිරි විහාරවාසි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පවසති. 

 

මෙහිදි පූජ්‍ය නුගගොල්ලේ චන්දරතන හිමියෝ පැමිණි පිරිස අටසිල් හි පිහිටුවීම සිදු කෙරෙති. උදෑසන ධර්ම දේශනය පූජ්‍ය රත්මලානේ පඤ්ඤාජීව හිමියෝ සිදු කරති. දහවල් බුද්ධපූජාව සහ දෑගසව් වන්දනාව මෙහෙයවන්නේ පූජ්‍ය උඩුගම තපස්සි හිමියෝය. පස්වරුවේ ධර්ම දේශනය කථිකාචාර්ය පූජ්‍ය කොන්ගල්ලේ විජිත හිමියෝ පවත්වති.ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ උපාලි මාරසිංහ සහ භද්‍රජිත් සෞම්‍ය කුමාර් ඉල් පෝ දා පූජා සදහම් වන්දනාව වැඩසහන ඉදිරිපත් කරති.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.