මහාබෝධි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය 2019 ඔක්. 12 සහ 13 සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි

යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනමට වසර 40 සපිරීම නිමිත්තෙන් මරදාන අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩ සිටි අග්‍රශ්‍රාවක ධාතුන්වහන්සේලා සපුගස්කන්ද අබේසේකරාරාමයේ දි (යොෂීඩා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ) 2019 ඔක්. 12 සෙනසුරාදා සහ 13 පෝ දින බැතිමතුන්ට වැදපුදා ගැනීමට කටයුතු සලසා ඇතැයි යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පවසයි .

යොෂීඩා අධ්‍යාපන හා සමාජසේවා පදනම පිහිටුවීමටත් , එය සංවර්ධනය කිරීමටත් එදා මෙදාතුර දායක වූ සැමට පිං අනුමෝදන් කිරිම හා සෙත්පැතීම අරමුණින් මෙම ධාතු ප්‍රදර්ශනය හා වන්දනාව සිදු කරන බව අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

සැරියුත් – මුගලන් ධාතුන් වහන්සේලා තැන්පත් කර දඹදිව අශෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ.274 – 237)  ඉදි කළ සාංචි චෛත්‍ය 12 වන සියවසෙන් පසු විනාශ වූ පසු , 1851 දි ජනරාල් කනිංහැම් සහ කපිතාන් මෙයිස්ලි කළ පුරාවිද්‍යා ගවේෂණවලදි මෙම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ මංජුසාව සාංචි චෛත්‍ය බිමින් හමු විය.

පසුව මෙරට බෞද්ධ ජනයාගේ දැඩි ඉල්ලීම මත ඉංදියාවේ තිබුණු මෙම ධාතුන් වහන්සේලා ගෙන් කොටසක් 1955 මාර්තු 19 දින ලංකා මහබෝධි සංගමයට ඉංදීය රජය ලබා දුන්නේය.

අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන් මෙරට බෞද්ධ ජනයාගේ ආධාරයෙන් ඉදි කළ මරදාන අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩසිටින අගසව් ධාතුන් වහන්සේලා , එම විහාරස්ථානයෙන් බැහැරට ගෙන ගම්පහ දිස්ත්‍රික්කයට වැඩම කරවන ප්‍රථම අවස්ථාව මෙය බව මරදාන අග්‍රශ්‍රාවක මහ විහාරය හා සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

1955 දි ලංකාවට වැඩම කර වූ අගසවි ධාතුන් වහන්සේලා අගමැති සර් ජෝන් කොතලාවල මහතා බාර ගත් අවස්ථාව.

 

 

මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහ විහාරයේ වැඩ වසන අගසව් ධාතුන් වහන්සේලා

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.