නිවසේ සිට තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට kuppiya.lk
COVID-19 වසංගතය නිසා අඩපන වී තිබෙන විශ්ව විද්‍යාල හේතුවෙන් සිසුන්ට තම අධ්‍යාපනික වැඩකටයුතු සිදුකිරීමට අපහසු වී තිබෙනා අතර මේ හේතුවෙන් එයට පිලියමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයකු වන කොලඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු විසින් අධ්‍යාපනික තොරතුරු හුවමාරු කරගැනීමට www.kuppiya.lk නම් වෙබ් අඩවියක් ආරම්භකොට තිබේ.
මෙම වෙබ් අඩවිය මගින් තොරතුරු තාක්ෂණ හා වෙනත් තාක්ෂණ අද්යාපනයට සම්බන්ධ ඕනෑම ගැටලුවක් පිළිබදව තොරතුරු සපයාගැනීමට, සාකච්ඡා කිරීමට නොමිලේ අවස්ථාව සලසාදීල තිබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම් දෙමු. මෙම අධ්‍යාපනික වෙබ් අඩවිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය