මේ සිහළ භුමියේ ඕනෑම තැනක අපවත්වූ හිමිනමක් ආදාහනය කල හැක – සිංහළ වීර විදහන.

පසුගිය 22 දින පිළිකා රෝගී තත්වකින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අපවත් වූ නයාරු ගුරුකන්ද රජමහ විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන් වන කොළඹ මේධාලංකාරකිත්ත නාහිමියන්ගෙ දේහය එම විහාරස්ථානයේ තබා ගැනීම සහ ආදාහනය කිරීමට එරෙහිව එම විහාරස්ථ භුමියේ පවතින නයාරු නිරාවිය පිල්ලයර් කෝවිලේ පාලක සභාව සහ ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසියේ සිදු කල පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබා දී ඇත. පසුගිය සමයේ නයාරු ගුරුකන්ද රජමහ විහරස්ථානයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් දෙමළ  ජාතික සන්ධාන නියෝජිතයන් විහාරාධිපති නාහිමියන් වෙත විවධ බලපෑම් පවා එල්ල කොට තිබු බව නයාරු ප්‍රදේශවාසීන් පවසයි.

පුරාවිද්‍යා සාක්ෂි අනුව අවුරුදු 1500කට වඩා වැඩි පැරණි බෞද්ධ පුදබිමක් වූ නයාරු ගුරුකන්ද ප්‍රදේශයේ අතීතයේ චෛත්‍ය හතක් ඇතුළුව සංඝාවාස සංකීර්ණයක් පවතින්න ඇතැයි  සැලකෙන නටබුන් මේ පුදබිමේ ප්‍රකටවේ. එහෙත් අද ඉතිරිව ඇත්තේ එක චෛත්‍යයක් පමණි. එසේම කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.පු. 6-7) ඉන්දියාව, බුරුමය ඔස්සේ ලංකා පටුන දක්වා වූ රහසිගත සහ කෙටිම මාර්ගයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සඟවාගෙන වැඩම කරවූ හේමමාලා සහ දන්ත කුමරුවන් පළමුව ගිමන් හැරී ස්ථානයද ගුරුකන්ද මහා විහාරය ලෙස සැලකේ.

ඒ කෙසේ වුවත් තවරක් බුදුන්ට පිදුව සිංහළ ජාතියෙ එකම නිජබිම වූ මේ ලක්දෙරණේ ඕනෑම ස්ථානයක අපවත්වූ සංඝයා වහන්සේ නමක් ගෞරවනීය ලෙස ආදාහනය කල හැකිය යන්න සිංහළ  වීර විදහන ජාතික සංවිධානයේ මතයයි. මෑතක් වනතුරු සිංහල සහ දමිළ ජනයා සහජීවනයෙන් වැද පුදා ගත් මේ පුද බිමේ පටු ජාතිවාදී අරමුණු මුදුන්පමුණුවා ගැනීමේ අදහස් ඇති උතුරේ දේශපාලනඥයන් හට එකමුතුව විනාශ කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.