පොදු ප්‍ර‍වාහනයේ ලිංගික හිංසනය පිළිබඳ දැනුවත් කරමින් අගමැතිතුමා ප්‍ර‍දර්ශනය නරඹයි

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුන ඊයේ (08)  දින අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා කොළඹ මහ නගර සභා පිටියේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ නගර සභාව සමග එක්ව පවත්වන මුලපිරුමක් වන ‘ඇය සුරැකි ගමනක ද?’ මහජන ස්ථාපනය නැරඹුවේ ය.  ශ්‍රී ලංකාවේ පොදු ප්‍ර‍වාහනයේදී හිංසනයට ගොදුරු වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ සත්‍ය කතා මෙම ශ්‍ර‍ව්‍ය දෘෂ්‍ය ස්ථාපනයේදී ඉදිරිපත් කරනු […]

පැරණි ගරාජයකින් ජීවිතය අරඹා ලොව හොඳ ම ගුරුවරුන් 10 අතරට ගිය ශ්‍රී ලංකාවේ යසෝදායි

ඇමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමෙන ලෝකයේ හොඳ ම ගුරුවරයා තෝරා ගැනීමේ, ද ග්ලෝබල් ටීචර් ප්‍රයිස් (The Global Teacher Prize) වැඩසටහනේ අවසන් 10 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපන් තනනත්තියක තේරී පත්ව සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පවත්වනු ලබන මෙම සම්මාන තරගාවලියේ අවසන් තේරීම් උත්සවය ලබන මාර්තු 24 වන දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ලෝකයේ […]

කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වනවා -UNFPA කියයි

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක් වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක් බව එම දීපව්‍යාප්ත සමීක්ෂණයේදී හෙළි වී තිබේ. මෙහෙම දෙයක් පැමිණිලි කළ විට තමාට වරද පටවයි කියලා වැරදි ආකල්පයක් අපේ […]

ඇමෙරිකාවේ ජනපති සටනට ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක්

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු සෙනෙට් සාමාජිකාවක වන කමලා හැරිස් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින 8 වැන්නා ඇයයි. 2016 වසරේදී කැලිෆෝනියාහි සෙනෙට් සභික ධූරයට පත් වූ ඇය, ඊට පෙර එම ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස සේවය කළාය. “මම මගේ රටට ආදරෙයි,” ඇය […]

කතා නොකර පීට්සා ඕඩර් කරන ලෝකයේ පළමු අවන්හල ලංකාවේ …

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හා සම්බන්ධ පුවත් වාර්තාකරණයෙන් මඳකට මිදී මා පසුගිය දිනක කොළඹ තිඹිරිගස්යාය බලා ගියේ, තරමක වෙනස් ආකාරයේ පුවතක් වාර්තා කිරීම පිණිසය. තිඹිරිගස්යාය මංසන්ධියෙන් හැරී මුරුත්තෙටුවේ ආනන්ද හිමි මාවතේ මඳ දුරක් යත් ම දකුණුපස පිහිටා ඇති අවන්හලක් මාගේ ගමනාන්තය විය. අවන්හලේ දොරටුව අසල සිනහ මුසු මුහුණින් පසුවන තරුණයන් දෙදෙනෙකි. රථයෙන් […]

කාන්තා ඇඳුම්: “සිතියමෙන් ⁣දුර වුනාට සෞදි අරාබියට අපි ගොඩාක් ළඟයි”

වෙරළේ ඇඟලිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුව වහා ඉවත් කරන ලෙස පොලිසිය වෙත දන්වා ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. “මීට සුළු වෙලාවකට පෙර මටත් ඒ බව දැනගන්න ලැබුනේ. වහාම එය ඉවත් කරන්න කියලා මම දැන්වුවා,” යනුවෙන් ඇමතිවරයා බීබීසී සිංහල සේවය […]

දිවා කාලයේ දී ‘නයිටිය’ ඇඳීම තහනම් ?

“නයිටිය, තියෙන්නේ රෑට ඇඳගෙන නිදා ගන්න මිසක්, දවස පුරා ඇඳගෙන ඉන්න නෙමෙයි.” “කාන්තාවකගේ ඇඳුම ගැන තීරණය කරන්න පිට කාටවත් බැහැ. තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕනෙ. ඒ ඇඳුම නිදා ගන්න විතරක් අඳින ඇඳුමක් ද නැත්නම් පිටතට අඳින ඇඳුමක් ද කියන එක වැදගත් වෙන්නේ නැහැ.” රූපලාවණ්‍ය ශිල්පිනියක වන නයෝමි රණසිංහ සහ බැංකුවක සේවය කරන නදිනි […]

ලිංගික හිංසනය: “අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න”

සේවා ස්ථානයේ දී, මහමග දී, පොදු ප්‍රවාහන සේවාවල දී සහ ඇතැම්විට සිය නිවසේදීම ලිංගික හිංසනයට ලක්වීම ලොව පුරා විවිධ රටවල වෙසෙන කාන්තාවෝ දිනපතාම මුහුණ දෙන ඉතා කටුක අත්දැකීමකි. වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් සමාජවල වෙසෙන අනාරක්ෂිත කාන්තාවන් පමණක් නොවේ; සංවර්ධිත රටවල වෙසෙන සහ ප්‍රසිද්ධ සහ ඉහළ තනතුරු දරන […]

කාන්තාව හා සුරාව – ආණ්ඩුව දෙගිඩියාවක

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේ අගලවත්තේ පැවති ප්‍රචාරක රැළියක් අමතමනි. මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳ සැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන […]

#ElectHer: ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කළ යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනයට එරෙහිව සහ මහජන නියෝජන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ ප්‍රචාරක වැඩසටහනක් දියත් කරනු ලැබ තිබේ. #ElectHer සහ #EndViolence හෙවත් “ඡන්දය ඇයට. ප්‍රචණ්ඩත්වයට තිත” යන හෑෂ්ටෑග යොදාගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් දින 16 ක් මුළුල්ලේ රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ධාවනය කරවන ප්‍රචාරක කැරවෑනයේ අරමුණ හිංසනයෙන් […]