උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ නාවක්කුලිය දඹවල ශාන්තිපුර, යාපනයේ ඇති එකම සිංහල ගම්මානයයි. පවුල් 57 ක් පදිංචි මෙම ගම්මානයේ සිංහල බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු සිදුකරන විහාරස්ථානය “සමිද්ධි සුමන විහාරයයි” සමිද්ධි සුමන විහාරය බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයකි. පන්සලේ කුඩා විහාරයක්ද බෝධි ප්‍රාකාර සහිත බෝධීන් වහන්සේ නමක්ද, දෙතුන් සියයකට රැස්විය හැකි ශාලාවක්ද ශාලාවට […]