උතුරුකරයේ ඓතිහාසික උරුමය රැකගනිමු

උතුරේ හෝ යාල්පානමේ නටබුන් කී පමණින් දකුණේ බහුතරයකට සිහිපත්වන්නේ ගිනි ජාලාවලින් දැවී ගිය පසු තැන තැන ඉතිරි කරන ලද නටබුන්ය. මීට වසර නවයකට පෙරත් ඉන් පසුත් දකුණින් උතුරට බොහෝ ජනයා රොදබැද ගියේ ඒ නටබුන් නැරඹීම මුල්කරගත් විනෝද චාරිකාය. රථ පුරවාගෙන ජය ගී හඩ නංවමින් දකුණෙන් උතුරට ආ ඒ විනෝද චාරිකා දෙස උතුරේ ජනයා බලා සිටියේ […]

ජාති ආගම් භේදයක් නැතිව – පැතුම් තොටිලි දරා සිටින ‘කෝවිලේ බෝ ගස‘

  සාමාන්‍යයෙන් බෝගසක අතු අතර එල්ලා – ගැටගසා තිබෙනුයේ ‘අසුවලාගේ අපල දුරුවේවා“ යැයි සඳහන් කොඩි වැල් ය. නමුත් මෙතැන තත්වය හාත්පසින්ම වෙනස් ය. අප සිටින්නේ දෙහිවල විෂ්ණු කෝවිල් මාවතේ පිහිටා තිබෙන වෙන්ගඩේස්වර ශ්‍රී විෂ්ණු කෝවිල තුළ ය. එහි එන බැතිමතුන්ගෙන් නිබඳ පුද සත්කාර ලබන බෝ ගසෙහි අතු පතර එල්ලී තිබෙන්නේ කොඩිවැල් නොවේ. තොටිලි සමූහයකි. ඒ […]

බාධක බිද ජීවිතය ජයගන්නා යාල්පානමේ වාසුකී.

  යුද්ධය නැමැති ඒ අදුරු වලාකුළ මැකී ගොස් වසර 10 ක් පමණ ගත වුවද ඒ අදුරු වළාකුලේ අමිහිරි මතකයන් සම්පුර්ණයෙන්ම අමතක කළ නොහැකි හා ඒ මතකයන් තුල ජීවත්වෙමින් කදුළු සමග ගනදෙනු කරන පිරිස් අදටත් නැතුවාම නොවන බවට සාක්ෂි ඇති තරම්ය. පේදුරු තුඩුවේ වාසුකී ගේ කතාව ද ඉන් එක් කතාවකි. නමුත් ඇය සුවිශේෂී වනුයේ කදුළු පිසදා නැගී සිටීමට වෙර දරන […]

අන්තවාදය : හඳුනාගැනීම හා පිටුදැකීම

එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත්‍ර​ස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය. කොළඹ, මීගමුව සහ මඩකලපුවේ කතෝලික දේවස්ථානවල සහ කොළඹ ප‍්‍රධාන සංචාරක හෝටල් කිහිපයක පාස්කු ඉරිදා සිදු කළ ඒ මහා ඝාතනය, රුදුරු තිස් අවුරුදු වාර්ගික යුද්ධයක් අවසන් කොට […]

ජෛන ආගම හා ශ්‍රී ලංකාව

පුරාණ ලක්‌දිව සිංහල සංස්‌කෘතියට නව පරිච්ඡේදයක්‌ උදාකළ ඓතිහාසික සන්ධිස්‌ථානයක්‌ ලෙස ක්‍රි.පු.3 මහින්දාගමනයත් සමඟ මෙරටට බුද්ධාගම ප්‍රවිෂ්ඨවීම පෙන්වාදිය හැක. පසුව දේවානම්පියතිස්‌ස, දුටුගැමුණු යන රජදරුවන්ගේ අනුග්‍රහයෙන් ලක්‌දිව පුරා ව්‍යාප්ත වුනු බුද්ධාගම පාලක – පාලිත පැළැන්තියෙත් ප්‍රධාන ආගම බවට පරිවර්තනය විය. එහෙත් සියවස්‌ කීපයක්‌ මෙරැටියන් අතර ප්‍රචලිතව පැවතිs පුරාණ ආගමක්‌ වශයෙන් ජෛනාගමට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ලිත මුලාශ්‍රගත තොරතුරු […]

කව්ද මේ , ජෛන මහාවීර ?

ලෝකයේ පහළ වූ මහා පුරුෂයන් අතර මහාවීර ශාස්‌තෘවරයාණන්ගේ නම දැඩි ගෞරවයෙන් යුතුව ලියවී ඇත. ඔහු ජෛන ධර්මයට අනුව විසිහතර වැනි ජෛන ශාස්‌තෘවරයා ය. ඊට පෙර එවැනි ශාස්‌තෘවරයන් විසිතුන්දෙනකු පහළ වූ බව කියෑවේ. අදින් අවුරුදු දෙදහස්‌ හයසීයකට පමණ පෙර ඉන්දියාවේ බිහාරයේ වේසාලි සමූහාණ්‌ඩුව තිබිණ. එහි කුංඩග්‍රාම නමින් එක්‌ නගරයක්‌ විය. ඒ නගරයේ අධිපතියා වූයේ සිද්ධාර්ථ නමැති […]

ගුරුවරිය ‘දණ ගැස්වීම’: ජාතිවාදී මුහුණුවරක් එක්කිරීමේ උත්සාහයක්?

විදුහල්පතිනියක දණ ගැස්ස වූ බවට චෝදනා ලබා සිටින ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක සම්බන්ධ සිදුවීමට “ජාතිවාදී මුහුණුවරක්” එක්කිරීමට මහඇමතිවරයා ඇතුලු පිරිස ක්‍රියාකරන බවට ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරයි. සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ […]

සංක්‍රමණිකයන් දෙස බලන්න: ශුද්ධෝත්තමයන්ගෙන් ඉල්ලීමක්

ලොව පුරා වෙසෙන කිතුනු භක්තිකයෝ මේ දිනවල ජේසු උපත සිහි කරමින් නත්තල සමරති. නත්තල් උදාවව අතරතුර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයක් පැවැත්විණි. සිය උපන් බිම් හැර දමා පළා යාමට බල කෙරුණු දස ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් මුහුණ දී ඇති ව්‍යසනය නොතකා නොහරින මෙන් ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ එහිදී ලොව රෝමානු කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ. නසරෙත් […]

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල කටයුතු සඳහා භාෂා ත්‍රිත්වයම භාවිතයට අවශ්‍ය නීතී හා රෙගුලාසී සංශෝධනයක්

රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල කටයුතු ද සිංහල දෙමල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදුකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ඒ සඳහා පවතින නීති රෙගුලාසීන් සංශෝධනය කිරීමටද සැලසුම් කර ඇති බවද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පසුගියදා පැවසීය . ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා මෙය අත්‍යාවශ්‍ය […]

අතුරුදහන් වූවන් පිළිබඳ පනත; රණවිරු දඩයමක්ද?

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” යනුවෙන් නම් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමත් සමඟ එය සමාජ කතිකාවක් බවට පත් වූ අතර එල්ල වෙමින් පවතින විරෝධය හමුවේ ආණ්ඩුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් මරමින් සිටින ආකාරයක් දක්නට ලැබේ. එම පනත් කෙටුම්පත විවාදයක් බවට පත්ව තිබෙන්නේ එහි […]