නීතියේ හිඩැසකින් ලංකාවට පැමිණි ” කුණු “

එක්සත් රාජධානියේ සිට ශ්‍රී  ලංකාවට ආනයනය කර කොළඹ වරායේ සහ කටුනායක හේලිස් ෆ්‍රී සෝන් සමාගම් පරිශ්‍රයේ  රඳවා ඇති අපද්‍රව්‍ය  බහාලුම්  මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම  අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන් වගකිව යුත්තන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි. ආන්දෝලනයට තුඩු දෙන මෙම අපද්‍රව්‍ය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2018 වර්ෂයේ  මාර්තු දක්වා අතර කාලය […]

කළු ගඟට කරදිය එක්වෙයි – නල ජලය බීමට නුසුදුසු වේ.

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට නිකුත් කෙරෙන ජලය තවදුරටත් පානය කිරීම සඳහා නොසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවා සිටී. එහි සභාපති කේ.එච් අන්සාර් මහතා පෙන්වාදෙන්නේ ලුණු මිශ්‍ර එම ජලය බීමට නොසුදුසු වුවත් තවදුරටත් සෙසු කටයුතු සඳහා නොසුදුසු නොවන බවය. එම ප්‍රදේශවල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස […]

සිංහරාජ “පිවිසුම් මග” ව්‍යාපෘතියේ පරිසර විනාශය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,  විරෝධතා   හමුවේ  වුවද  මේ වන විටත්  සිංහරාජ මාර්ගය ප්‍රතිසංස්කරණය කටයුතු ක්‍රියාත්මකය . දැන් ක්රියාත්මකවන්නේ  එම ව්‍යාපෘතියේ අවසන් අදියරය . එම මාර්ගය තවමත් සංචාරකයන් සඳහා වසා දමා තිබුණ ද වැඩ බිමට ගොස් තොරතුරු සොයා බැලීමට අපට හැකිවිය . මේ මාර්ගය අඩි 12ක් පමණ පළල ය. වසර විසි හතකට පෙර අප පළමුව සිංහරාජයට යන […]

ජයිකා ආයතනය, ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කරගැනීමේ පුළුල් සංවාදයකට එළඹෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA-ජයිකා) පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අතරතුරදී ‘ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ වැදගත්කම’ පිළිබඳව තම අත්දැකීම් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් හා එක්ව ජයිකා ආයතනය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද, ශ්‍රී ලංකාවේ […]

පරිසර සංරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ තිරසාර අංගයක්

පරිසරය සංරක්ෂණය කිරීම සහ පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම දීර්ඝ ඉතිහාසයක් කරා දිව යන අතර, පරිසරය ජාතික සංවර්ධනයේ  තිරසාර අංගයක් බවට පත් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති බව, ජිනීවා නුවර පැවති 2019 ලෝක වනජීවි සැමරුම අමතමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ්‍.එල්.ඒ. අසීස් මහතා පැවසීය. ‘ලෝකය සහ එහි ජනතාව වෙනුවෙන් දිය […]

නකල්ස් ස්වාරක්ෂක කලාපයේ බෙලිගම රක්ෂිතය තුල චීන සමාගමක් විසින් කරනු ලබන මහා පරිමාණ වන විනාශය සම්බන්ධව බලදාරීන්ගේ නිහඬ පිලිවෙතක්.

මොරගහකන්ද ජලාශය නූතනයේ ඉදිවුණු රට මැද මහ සයුර ලෙස හඳුන්ව අතර එය අක්කර අඩි 660,000ක් පමණ වේ. ඇමෙරිකානුඩොලර් මිලියන 557.5ක් වැයකොට අඹන් ගඟ හරස් කොට තැනූ මේ මහා ජලාශයේ ජල පෝෂකකලාපය දුම්බර වනාන්තරයයි. මහනුවරසහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මෙම මහා ජල පෝෂකයේ වපසරිය (දුම්බර වනාන්තරය = නකල්ස් වනාන්තරය) හෙක්ටයාර්21,000ක් පමණ වේ. යුනෙස්කෝව 2010දී මෙම මහා වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කළේ ආවේණික සත්ත්ව හා ශාක ජීවීන්මෙන්ම ජෛව විවිධත්වයේ ඇති අපූර්වත්වය නිසාය. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම සඳහා  Sinohydro corporation limited නැමැති ආයතනය විසින් ටෙන්ඩර ලබා ගෙන ඇත්තේ නකල්ස් වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපය තුල එම මාර්ගය ඉදි කිරීමටයි. එම ටෙන්ඩරයට අනුව නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් සකස් කර අදාල අවසරයන්ද ලබා ගෙන […]

සියැටල්ගේම නොවන සියැටල්ගේ කථාව …

අද්භූත හෝ අහඹු සිදුවීම් පාදක කර ගත් කථාන්තරවලට අපි මිථ්‍යා (myths) යයි කියනවා. දේව විශ්වාස, ඇදහිලි ආදියත් ඇතැම් අය මේ ගණයට ම එකතු කරනවා. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිථ්‍යාවන්ට දැඩි ඇල්මක් එදා මෙන් ම අදත් මිනිස් සමාජයේ තිබෙනවා. 21 වන සියවසට පිවිසියත් අප ඇතැම් දෙනකු තවමත් නූතන මිථ්‍යාවන් වැළඳගන්නේ ඒ නිසයි. එබදු මිථ්‍යාවන්, උගත් […]

වැසිවනාන්තර සුරකින්නන්ගේ ඉළුක්පොතකන්ද වන වගා ව්‍යාපෘතිය

ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ස්වාභාවික ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. එම හේතුවන් නිසාවෙන් ප්‍රදේශයේ ජල මූලාශ සිඳි යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු වලට විසඳුම් වශයෙන් සිංහරාජ රක්ෂිත පේරක කලාපයට මායිම්ව පවතින්නා […]

2030 වන විට මුහුදේ ජීවත් වන මාළුන්ගේ බරට වඩා මිනිසා විසින් මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි.’’

සාගර ජලය රට තුළට කාවැදීම බරපතල අර්බුදයක්. ·         වෙරළ තීරය රැක ගන්න, පිරිසිදු කරන්න වසරකට වරක් නොව මසකට වරක් විධිමිත් වැඩපිළිවෙලක් දියත් කරනවා. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ අද (15) දිනට යෙදි ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්‍ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් […]

ඇමරිකාවේ සූර්යග්‍රහණය ලෝකයටම  පෙන්වූ නාසා ආයතනයේ අපේ විද්‍යාඥයා…

    ඉකුත් අගෝස්‌තු 21 වැනි දා සිදු කළ සූර්යග්‍රහණ නිරීක්‌ෂණයට සිය ක්‍රියාකාරී දායකත්වය ලබා දෙමින්… ඇමෙරිකාවේ NASA ආයතනය ශ්‍රී ලාංකිකයන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නො වන්නේ 1969 දී සිදු වූ මුල් ම මානව චන්ද්‍ර ගවේෂණ චාරිකාවේ සිට ම එම ආයතනයේ මෙහෙයුම් කටයුතු අපේ අය මාධ්‍ය හරහා හොඳින් අසා, දැක ඇති බැවිනි. ආචාර්ය නෙල්සන් ලෙස්‌ලි […]