පාර්ලිමේන්තුව ඇතුලේ , කළුවරේ ජරමරේ

අගවිනිසුරුවරයකුගෙන් මෙරට පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල දිගින් දිගටම තම විරෝධය පළ කරමින් සිටී. ඒකාබද්ධ විපක්ෂයට හිතවත් නීතිඥවරුන් රැසක් පසුගිය දිනවල මේ පිළිබඳව ඒකාබද්ධයේ දේශපාලනඥයින් සමග පුළුල්ව සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මෙම පනත […]

බැඳුම්කර මගඩියෙන් රටට සිදුවූ විනාශයට ජනපති හා අගමැතිද වගකියුතුයි. – ලක්මවට හඬක් සංවිධානය

රටට සිදුවූ අලාභහානි වල සියලු වගකීම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනුත් දැරිය යුතුයි. ලක්මවට හඩක්- මධූෂා රාමසිංහ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ ‘දෙවැනි පෙළ පුරවැසියන් වගේ’-කාන්තා සංවිධාන එකමුතුව

I ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී CEDAW හෙවත් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ නොසලකා හැරීම් තුරන් කිරීමේ ප්‍රඥප්ති සැසිවාරය හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ සංවිධාන අටක එකමුතුව, ලාංකීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කළේය. […]

සිදුහත් කුමරු ගිහි ගෙයි කළකිරීම පිළිගත හැකිද?

  මහනුවර වජිරබුද්ධි හිමි – Must read & share – බෞද්ධයින් කියවිය යුතුම ලිපියක් 🙂 ආණ්ඩුක‍්‍රමය හා බුද්ධාගම යන තේමාව ඔස්සේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මහනුවර වජිරබුද්ධි හිමියන් විසින් පසුගියදා ප‍්‍රසිද්ධ දේශන දෙකක් පවත්වන ලදි. මේ එහිදී වසර ගණනාවක් තිස්සේ වනගතව බුද්ධ ධර්මය අධ්‍යයනය කරමින් භාවනාවේ යෙදී සිටින මහනුවර වජිරබුද්ධි හිමියන් පැවැත්වූ දේශනයේ සංක්ෂිප්ත […]

සංවර්ධනයේ ස්වභාවික ප්‍රතික්‍රියාවලට ‘සූදානමක් නෑ’

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවත් ඒ සමග ඇති වන පාරිසරික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගෙන බව නගර නිර්මාණ ශිල්පිණියක් පවසයි. මැලේසියාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් හදාරමින් සිටින නගර නිර්මාණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවාසීන් මුහුණදෙමින් සිටින ගංවතුර ආපදා තත්වය පිළිබඳව අප සමඟ අදහස් දක්වමින්. ස්වාභාවික පරිසරය වෙනස් […]

නගර අලංකරණය: ‘පිළිකා රෝගියකුට රූපලාවණ්‍ය ලබා දීමක්’?

නගර අලංකරණයට පෙර වඩා වැදගත් වන්නේ මිනිසුන්ට පහසුවෙන් ජීවත් විය හැකි හිතකර පරිසරයක් ගොඩ නැගීම බව ඇමරිකාවේ නාසා පර්යේෂණ උද්‍යානයේ උපාධි අධ්‍යන පාඨමාලාවක් සඳහා තෝරා ගැනුණු නදීෂා චන්ද්‍රසේන පවසයි. ‘නගර අලංකරණය කියන්නේ වෙනම දෙයක්. උදාහරණයක් විදිහට ගන්න පිළිකා රෝගියෙක්. පිළිකා රෝගියාට මේ මොහොතේ කරන්න තියෙන්නේ අදාළ ප්‍රතිකාර දීලා පිළිකාව මර්දනය කිරීම. එයාට රූපලාවණ්‍ය ප්‍රතිකාර දෙනවා […]