ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සැලසුම් වලට ලෝක බැංකු සහය

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපති හාර්ට්විග් ශේෆර් (Hartwig Schafer) මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතාවයන් පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට සහ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සැලසුම් සඳහා ලෝක බැංකුවේ ඉදිරි සහය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ මනා අවබෝධයක් ලබාගැනීමටය.

“ශ්‍රී ලංකාව, රටේ දරිද්‍රතාවය අවම කිරීමේ ක්‍රියාවලියේ හොඳ ප්‍රගතියක් ලබා ඇති අතර මේ වනවිට දකුණු ආසියාවේ මානව සම්පත් සංවර්ධනය අතින් ඉහල රටක් බවට පත්ව තිබෙනවා” ශේෆර් මහතා පවසා සිටියේය. “ශ්‍රී ලංකාව වඩා හොඳ මධ්‍යම අදායම් ලබන රටක් කරා ගෙන යාමට සහ උසස් තත්වයේ රැකියා නිර්මාණය කිරීම උදෙසා රට තුල වඩාත් යහපත් මුල්‍යමය තත්වයක් ස්ථාපිත කිරීම, රටේ සංචාරක කර්මාන්තයේ තරගකාරිත්වය ඉහල නැංවීම, ප්‍රවාහනය සහ භාණ්ඩ හුවමාරැ මෙන්ම තොරතුරු තාක්ෂණ කේන්ද්‍ර වශයෙන් ස්ථාපනය වීමට අවදානය යොමුකිරිම සහ අවදානම් දේශගුණික විපර්යාස කලමනාකරණය කිරීම යන සාධක ඉතා වැදගත් වේ. ලෝක බැංකුව එහි ඉදිරි සහය සහ විශේෂඥය දැනුම ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය උදෙසා නිරතුරුව ලබා දෙනු ඇත”.

සිය තුන් දින නිල සංචාරය අතරතුර ශේෆර් මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ජේෂ්ඨ නිලධාරීන් වන මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමනායක, කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් හමුවීමට නියමිතය.

ශේෆර් මහතා විසින් ශ්‍රී ලංකාවේ අවම කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය පිලිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන ප්‍රජාව මුණගැසීමට සහ ලෝක බැංකුවේ නව ශ්‍රී ලංකික සංවර්ධන වැඩසටහන යාවත්කාලින කිරීම ද සිදු කරනු ඇත. එමෙන්ම ඔහු පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ ප්‍රමුඛයන් ද හමුවීමට නියමිතය.

දකුණු ආසියානු කලාපයේ සේවයට බැඳීමට පෙර ශේෆර් මහතා ගෝලීය තේමා සඳහා උපසභාපති ලෙසද මෙහෙයුම් ප්‍රතිපත්ති සහ රාජ්‍ය සේවාවන් පිලිබඳ උපසභාපති ලෙසද කටයුතු කර ඇත. ඔහු විසින් ප්‍රධාන ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර ඒ අතරින් ලෝක බැංකුවේ නව ප්‍රතිපත්ති සම්පාදනය, පාරිසරික හා සමාජ ආරක්ෂණය සහ ලෝක බැංකුවේ ණය ලබා දීම සහ දැනුම පිලිබඳ නව ප්‍රතිපත්ති සැලසුම් කිරීම යනාදි ප්‍රතිසංස්කරණයන් ප්‍රධාන වේ . මිට පෙර ශේෆර් මහතා ජිබුටි, ඊජිප්තුව සහ යේමනය යන රට වල ලෝක බැංකු අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.