මරණ දණ්ඩනය එපා , ලංකාවේ කීර්ති නාමය අනතුරේ- නොර්වේ , ජර්මනිය අවධාරණය කරයි

ලංකාව තුළ යළි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් එමගින් රටේ කිර්තිනාමය අහිමි විමේ අවධානමක් පවතින බව ජර්මනිය හා නොර්වේ රාජ්‍යයන් අනතුරු අඟවා සිටී.

එබැවින් මෙම දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා රජයට අවධාරණය කර සිටින බව නොර්වේ රජය නිකුත් කල නිවේදනයක දැක්වේ.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් රටේ කිර්ති නාමය පමණක් නොව ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම අතින් මෙන්ම ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස අත් කර ගැනි ඇති නාමයද පළුදු වන බවඑම නිවේදනයේ දැක්වේ.

ජර්මනියේ මානව හිමිකම් ප්‍රතිපත්ති හා මානුෂිය ආධාර පිළිබඳ කොමසාරිස් බාර්බෙල් කොෆ්ලර් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ ශ්‍රි ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම පිලිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරිම ගැන පළවු වාර්තා පිළිබඳව තමා දැඩිව සැලකිලිමත් වු බවය.

පසුගිය වසර 40 සේම තවදුරටත් මරණදණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු බවට ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කර ඇත.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.