මද්රාසා අරාබි පාසල් හා ඉස්ලාමීය අධ්‍යාපන ආයතන නියාමනය සහ අධික්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගත යුතුයි.

මද්රාසා අරාබි පාසල් හා ඉස්ලාමීය අධ්‍යාපන ආයතන නියාමනය සහ අධික්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගත යුතු බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී.

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙසේද පැවසීය ,

“මේ වනවිට රටතුළ ඉස්ලාමීය අධ්‍යාපන ආයතන විවිධ මුහුණවරින් කි‍්‍රයාත්මක වෙයි. ඒ අතර අහදියා දහම් පාසල්, අරාබි විදුහල්, කුරාන් මද්රාසා, කිතාබ්, ඉස්ලාමීය පෙරපාසල් හා මුස්ලිම් පාසල් ලෙස ඉස්ලාමීය අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබයි. මෙම අධ්‍යාපන ආයතන කිසිවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අධික්ෂණයට හෝ නියාමනයට යටත් නොවන අතර ඒවායේ උගන්වන විෂය මාලාවන් මොනවාදැයිවත් නොදනී. අහමදියා දහම් පාසල් ඉරිදා පැවැත්වෙන අතර මුස්ලිම් දරුවන්ට එය අනිවාර්ය වේ. එම අහමදියා දහම් පාසල් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇතත් එහි විෂය මාලා සැකසීම සහ අධික්ෂණය අහමදියා දහම් පාසල් සම්මේලනය මගින් සිදුකරනු ලබයි.
එමෙන්ම කුරාන් මද්රාසා පාසල් 1669ක් පවතින අතර ඒවායේ ප‍්‍රධාන වශයෙන් කෙරෙනුයේ කුරානය කියවීම, කටපාඩම් කිරීම, අරාබි භාෂාව ප‍්‍රගුණ කිරීම, කුරානයේ නීති රීති ඉගෙන ගැනීම, ඉස්ලාමීය වත්පිළිවෙත් හැදෑරීම මෙම පාසල් වල සිදුවේ.
මද්රාසා සම්මේලනය මෙම පාසල්වල විෂය මාලාවක් සැකසීම කෙරෙන අතර ඒවා අධික්ෂණය කිරීම ද මෙම මද්රාසා සම්මේලනය මගින්ම කරණු ලබයි. අරාබි පාසල් 317ක් පවතින අතර ඒවා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලියාපදිංචි කර ඇත. මේවායේ ඉගැන්වීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අවසරය ලබාගෙන ඊජිප්තුව, යේමනය, පාකිස්ථානය, මැලේසියාව, ජෝර්දානය බහරේන්, ලිබියාව යන රටවලින් ඉස්ලාමීය ආගම දේශනා කරන්නන් සහ ඉගැන්වීම් කරන අයත් අරාබි භාෂාව උගන්වන අයත් පසුගිය කාලයේ රටතුළට පැමිණ ඇති අතර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුදැනුමට පිටින් තව විශාල පිරිසක් රටතුළට පැමිණ සිටින බවත් ආගමන විගමන නීති සහ වීසා අවභාවිතා කරමින් රටතුළ සිටින බව වාර්තා වේ.
මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසන පරිදි ලියාපදිංචි අරාබි පාසල් 317ට අමතරව ලියාපදිංචි නොවුනු අරාබි පාසල් පවතින බව තොරතුරු වාර්තා වී ඇති බව පිළිගනී. අරාබි පාසල් වල විෂය මාලාව සකස්වීම අධික්ෂණය කිරීමක් සිදුනොවන බව අරාබි පාසල්වල පාලක මණ්ඩලය විසින් ඒවායේ විෂය මාලාව තීරණය කරන බවත් මුස්ලිම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළද ඒවා පාලනය කිරීමක් සිදුනොවන බවද ඔවුන් පිළිගනී.
ඔවුන් ප‍්‍රකාශ කරන්නේ ලියාපදිංචි කිරීමේ දී දෙපාර්තමේන්තුවට දෙන විෂය මාලාව උගන්වනවාදැයි සොයා බැලීමට යාන්ත‍්‍රණයක් නොමැති බැවින් මේවායේ අන්තවාදී ඉගැන්වීම් සිදුවිය හැකි බව ඔවුන් පිළිගනී.
දැනට වාර්තාවන ආකාරයට ලිබියාව, ඉන්දියාව, පාකිස්ථානය යන රටවලින් රටතුලට පැමිණ සිටින ඉස්ලාමීය ආගමික ප‍්‍රභූවරුන් සහ ජමාත්වරුන් 29 දෙනෙක් රටතුළ රැුඳී සිටින බව වාර්තා වේ. එය එසේ වුවත් 600කට ආසන්න ඉස්ලාමීය දේශකවරුන් රටතුළ රැුඳී සිටින බව වාර්තා වේ. මේ අතර මඩකළපුවේ සෞදි අරාබි ආධාර මත ඉදිවන ෂරියා විශ්ව විද්‍යාලය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී ඇත. මෙම විශ්ව විද්‍යාලයේ භාරකාරත්වය දරණ නැගෙනහිර පළාත් ආන්ඩුකාර හිස්බුල්ලා පසුගිය දා ප‍්‍රකාශ කර සිටියේ ඉදිකෙරෙන මෙම විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල කොමිසමේ අධික්ෂණයට සහ නියාමනයට යටත් කිරීමට සුදානම් බවයි. එසේ නම් වහාම මෙම විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හලීම් මහතාගේ ප‍්‍රකාශ සහ කි‍්‍රයාකලාපයත්, වගකීම් විරහිතභාවයත් පෙන්වා ඇති බැවින් එම දෙපාර්තමේන්තුවේ එම්.ආර්.එම්.මලික් මහතා ප‍්‍රකාශ කරන ආකාරයට මෙම ඉස්ලාමීය අධ්‍යාපන ආයතන කිසිදු ලෙසකින් අධික්ෂණයවීමක් සිදුනොවන බව පිළිගෙන ඇති අතර ඒවායේ උගන්වන විෂය මාලාව පිළිබඳ වගකිව නොහැකි බවද ප‍්‍රකාශ කර ඇත. එසේ නම් මෙම ඉස්ලාමීය අධ්‍යාපන ආයතන තුළ ඉගැන්වෙන විෂය මාලා අන්තවාදයට උඩගෙඩි දෙන අන්තවාදී මතවාදී ව්‍යාප්ත කරන මුස්ලිම් දරුවන්ගේ මොළ සෝදන අන්තවාදය ව්‍යාප්ත කරන උම්මන්තකයින් පිරිසක් බිහිකරන ස්ථාන විය හැකියැයි සාධාරණ සැකයක් මතුවේ.
මේවා අන්තවාදීන්, ත‍්‍රස්තවාදීන් බිහිකරන අධ්‍යාපන කඳවුරු විය හැක. එසේ නම් මෙම ඉස්ලාමීය අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා වකුබ් සභාවට බලය පැවරීම ඉතාම භායානකය. වකුබ් සභාව 1951 වසරේ දී පනතක් මගින් සම්මත කර ස්ථාපිත කර තිබෙන බවත්, මෙමගින් මුස්ලිම් පල්ලි වල කටයුතු ඔවුන් නියාමනය කෙරෙන බව පැවසෙන අතර දැන් 21 වෙනිදා පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම මද්රාසා සහ අරාබි පාසල් වකුබ් සභාව යටතේ නියාමනය කිරීමට යෝජනා කර ඇත. එය කිසිසේත් නොකළ යුතු දෙයකි. මද්රාසා පාසල්වල පරිපාලනය වකුබ් සභාවට පැවරීම පනින රිලවුන්ට ඉණිමන් බැඳිමක් බවත් හොරාගේ අම්මාගෙන් පෙන ඇසීමක් වැනිය.
පනතකින් ඔවුන්ට මෙම බලය පැවරීමට ද ආන්ඩුවේ ඇතැම් බලධාරින් යෝජනා කර ඇත. එයට කිසිසේත් ඉඩදිය යුතු නොවේ. අන්තවාදය සහ මූලධර්මවාදය පතුරවන එය වැඩෙන්නට පරිසරය නිර්මාණය කරන ඉස්ලාමීය අධ්‍යාපන ආයතන වකුබ් සභාවට පවරනවා වෙනුවට මෙම සියලූ පාසල් වල වගකීම අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කිරීමට රජය කටයුතු කළ යුතු අතර රටේ අනෙකුත් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන ලෙසටම අධ්‍යාපන අමාත්‍යංශයේ නීති රීති රෙගුලාසි වලට යටත්ව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉස්ලාමීය අධ්‍යාපන ආයතන පිලිබඳ දැනුමක් ඇති බලධාරින්ගේ විශේෂ මණ්ඩලයක අධික්ෂණයට සහ නියාමනයට යටත් කිරීමට රජය වහාම පියවර ගත යුතුය.”

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.