පෝර්ට් සිටි වැනි කෘතීම නගරයක මළ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැටළුවක්

දැවැන්ත පාරිසරික ප‍්‍රශ්න ද, සාගර ජෛව ප‍්‍රජාවට සිදුවන වන බලපෑම් ද, ධිවර රැකියාවට එරෙහි ප‍්‍රශ්න ද ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් චීන ව්‍යාපෘතියක් වන පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇරඹිමත් සමග මතුවිය.මෙි වන විට එම ව්‍යාපෘති⁣ය මගින් සිදුකරන ගල් හා වැලි දමා භුමිය ගොඩකිරීමේ කටයුතු අවසන් බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් තවමත් මෙහි විසඳා ගැනිමට නොහැකි පාරිසරික ගැටළු බෙහෝය.මේ පිලබඳවත් තවත් පාරිසරික ගැටළු සම්බන්ධයෙනුත් පරිසර නීතිවේදි ජගත් ගුණවර්ධන මහතා Colombo Gazette Sinhala වෙත මෙලෙස අදහස් පල කලේය.

පරිසරය ආරක්ෂා කල යුත්තේ පරිසර දිනයට පමණක්ද ?

පරිසර දිනය අපිට යම්කිසි සාධනීය කටයුත්තකට භාවිත කල හැකියි.පරිසර දිනයට පමනක් පරිසරය ගැන කතා කරලා ප්‍රතිඥා දීලා පරිසරය ගැන ගීත ප්‍රකාශ කරලා තව අවුරුද්දක් ගිහින් ආයෙත් පරිසර දිනය අමතක කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නෙ.මම හිතනවා පරිසර දිනය කියන එක යම් කිසි පුරෝකථනයක් කරන්න ,පසුවිපරමක් කරන්න පනිවිඩයක් දෙන්න පාවිච්චි කල යුතුයි.ඔය අවුරුද්දෙ තේමාව අදාල වෙන්න පුළුවන් නමුත් මම කියන්නේ ඒ මත කටයුතු කිරිම එතරම් පලදායි ක්‍රියාවක් නොවෙයි කියලා .

වායු දුෂණය අතින් ලංකාව වැනි රටකට සිදුවෙලා තියෙන බලපෑම කෙසේද?

වායු දුෂනය කියන එක ස්ථානිය ප්‍රභව වලින් සහ ජංගම ප්‍රභව වලින් යන දෙයාකාරයෙන්ම සිදුවනවා.ලංකාවේ ඇත්තටම කියනවානම් ජංගම ප්‍රභව වලින් සිදුවන වායු දුෂනය පිලිබඳ ගත්තම නිතිය තිබුනත් ක්‍රියාත්මක වීම පැත්තෙන් විශාල දුර්වලතාවයක් තියෙනවා.නමුත් ස්ථානීය ප්‍රභව වලින් සිදුවන වායු දුෂණය යම් කිසි දුරකට පාලනය වෙලා තියෙනවා.ඒ වගේම ලංකාවේ සමස්ත කාබන් විමෝචනය ගත්තම අපිට ලෝකයේ ඒක පුද්ගල කාබන් විමෝචනය සඳහා දීලා තිබෙන ප්‍රමානයට වඩා ඉතාම අඩු ප්‍රමානයක් නිකුත් කරන රටක් අපේ රට.ලෝක වශයෙන් ගත්තම ගෝලීය උණුසුමට අපේ රටෙන් ලොකු දායකත්වයක් ලැබෙන්නෙ නැහැ.නමුත් රටක් වශයෙන් තෝරා ගත් නගර ආශ්‍රිතව වායු දුෂණය නරක තත්ත්වයක තියෙනවා.එකක් තමයි වායු වලින් සිදුවන වායු දුෂනය ,අනික තමයි අවලම්භිත අංශුවලින් සිදුවන වායු දුෂනය .ඒ ගැන අපි ඉතාමත් සැලකිලිමත් වෙනවා හොඳටම අඩුයි.වායුවල තියෙන විවිධ විෂ වායු අංශු ගැන කතා කරන්නෙ නැහැ.නමුත් ඒගැන අපි කථා කල යුතුයි .

ප්ලාස්ටික්,පොලිතින් වැනි ද්‍රව්‍ය භාවිතය පිලබඳව පසුගිය කාලයේ දැඩිව කථා බහට ලක්වුනා.මේ ප්ලාස්ටික් ,පොලිතින් තුලින් මොනවගේ හානියක්ද පරිසරයට සිදුවන්නෙ?

ප්ලාස්ටික් පොලිතින් ගැන ගත්තොත් පේන සහ නොපෙනන අංශ දෙකක් තියෙනවා.පේන ටික තමයි ප්ලාස්ටික් බෑග් ,දවටන ඒ වගේ දේවල්.නොපෙනන දේවල් තමයි ක්ෂද්‍ර ප්ලාස්ටික් කැඩිති සහ ක්ෂද්‍ර ප්ලාස්ටික් බිඳිති කියන යන කොටස් දෙක.ක්ෂද්‍ර ප්ලාස්ටික් බිදිති කියන්නෙ පරිසරයට මුදාහරින ප්ලාස්ටික් බිදිලා කුඩා කැබලි වෙලා ඒවයෙන් පරිසර හානිසිදුවනවා.විශේෂයෙන් මේක ජල දුෂණය⁣ට සහ ජලජ ජීවින්ට අහිතකරයි.මිනිසුන්ටත් අතිග්‍රහනය වෙන්නත් පුළුවන්.ඒ වගේ ප්‍රශ්න තයෙනවා.ප්ලාස්ටික් කැඩිති විවිධ නිෂ්පාදනවලට ප්ලාස්ටික් කැඩිති කලවම් කරනවා.ඒ වගේ තියෙන ඝර්ෂණ ගණය වැඩිකරන්න.උදාහරනයක් විදිහට භාජන පිරිසිදු කරන සමහර ද්‍රව්‍ය වල ,සමහර දත් බෙහෙත්වල ,රෙදි සෝදන කුඩු වර්ගවල වෙනත් චර්මආලේපන වල විශාල වශයෙන් ප්ලාස්ටික් කැඩිති හිතාමතාම ඝර්ෂණ කාරකයක් ලෙස ඇතුලත් කරලා තියෙනවා .මේවා අවශ්‍ය නැති නිෂ්පාදන මේ සම්බන්ධන්යෙනුත් කතිකාවතක් ඇති කරන්ව උත්සාහා කරනවා .එසේම අපි චැකලා තිබුනා සුපිරි වෙලඳසැල්වල ප්ලාස්ටික් බැග් තහනම් කල යුතුයි කියලා ප්‍රකාශ.මම දකින්නෙ ඒවත් කපටිකමක් ලෙස අයුතු ලභයක් ගනන හරිත පටලයකට මුවාවෙලා.අනිත් පැත්තෙන් තමන්ගේ ඇතුලේ නිෂ්පාදන වල තියෙන ක්ෂද්‍ර ප්ලාස්ටික් කැඩිති පිලිබඳව කතා කරනවාට අකමැතියි.ක්ෂද්‍ර ප්ලාස්ටික් අපේ නිෂ්පාදන හරහා පරිසරයට එන එක නතර කල යුතුයි.ඉන්දියාව මේ සම්බන්ධයෙන් ඉතා හොඳ සාධනීය පියවරක් අරන් තියෙනවා 2020 වන විට නිෂ්පාදන වල මේ ක්ෂද්‍ර ප්ලාස්ටික් අඩංගු වෙන්න බැහැ කියලා.අන්න ඒ වගේ අපිත් කාල රාමුවක් දීලා ක්ෂද්‍ර ප්ලාස්ටික නිෂ්පාදන හරහා වෙලඳපොලට ගේන එක තහනම් කල යුතුයි .

පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා පරිසරයට සිදුවෙලා තියෙන හානිදායක තත්ත්වය පැහැදිලි කලොත්?

පාරිසරික බලපැම් තක්සේරු වාර්තාවක් හරිහැටි නොකර මේ ව්‍යාපෘතිය කරනන ගියේ 2012 වර්ෂයේ.පලවෙනි කාරනය තමයි භුමි ප්‍රමානයක් ලංකාවට එකතු කරගන්න යනවානම් ඒකහරිහැටි විද්‍යාත්මක තක්සේරුවකින් කරනවානම් එකේ ලොකු වරදක් දකින්නෙ නැහැ.නමුත් මේක ප්‍රායෝගිකව මේක කරනකොට අපි බලන්න ඕන මේතැන ගොඩ කිරිම නිසා තව ප්‍රදේශයක් ඛාදනයට ලක්විය හැකිද යන්න.එහෙම වෙන්න අවධානමක් තියෙනවාද කියන එක විශේෂයෙන්ම 2012,2013, වර්ෂවලදි මේකට විවෙිචන ඉදිරිපත් කලා.ඒ තමයි මේ තරම් විශාල ප්‍රදේශයකට පුරවන්න පස් සහ වැලි ගන්නෙ කෙහෙන්ද කියන එක එහෙම ගන්නකොට ඇතිවිය හැකි පාරිසරික බලපෑම පිලිබඳව විශ්ලේශනයක් නොකරීම,දෙවැනි කාරනය තමයි මේක පුරවන්න විශාල ගල් ප්‍රමානයක් අවශ්‍යයි මේ ගල් ගන්නෙ කෙහොමද මේ ගල ගන්නෙ ගල් පුපුරුවලාද ඒ ගල් පුපුරුවන ස්ථාන කෙහෙද තියෙන්නෙ ඒකෙන් පරිසරයට තියෙන බලපෑම මොකද්ද ඒ බලපෑම අවම කර ගැනීමට කුමක්ද කල යුත්තෙ කියන කාරනය.නමුත් මේවට පිලිගත නොහැකි උත්තර තමයි දිලා තියෙන්නෙ .තුන්වෙනි කාරනය තමයි මේ පෝර්ට් සිටි වගේ අධික ජනගහනයක් ඉන්න කෘතීම නගරයකින් පිටවන අපද්‍රව්‍ය කව්ද ගන්න කොහොමද ගන්නෙ කියන එක අපි දන්නවා කොළඹ නගර සභාවට තමන්ගේ බල ප්‍රදේශය⁣ට එන කුණු කසල විධිමත් ලෙස බැහැර කිරිමට හැකියාවක් නැතිව ඉන්නෙ .මේ අපද්‍රව්‍ය ජනිත වන ප්‍රමාණයට කොහොමද බැහැර කරන්නෙ.දියර අපද්‍රව්‍ය එක පැත්තකින් ඝන අපද්‍රව්‍ය එක පැත්තකින් කොහාමද බැහැර කරන්නෙ කියන එක අපි ඇහුවා .හතරවෙනි කාරනය තමයි මේක පරිසරයට වඩා ජාතික සෛ්වරීත්වයට අදාල කාරනයක් යම් කිසි ඉඩම් ප්‍රමානයක් චීනයට දෙන්න බලාපොරොත්තු වුනා.අපි කිව්වා ලංකාවේ භුමිය කිසිම පුද්ගලයෙකුට ,කිසිම රාජ්‍ය නා⁣යකයෙකුට අන්සතු කල නොහැකි බව. දැන් වෙනකොට අන්සතු කරන අදහස අත් හැරලා .නමුත් කැලි කසල ප්‍රශ්නයට තාම අපි දැක්කෙ නැහැ විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා.

මෙම කෘතිම නගරයේ අපද්‍රව්‍ය පිරිපහදු කිරිමකින් පසු ගැඹුරු මුහුදට මුදා හරින්න කටයුතු සැලසුම්කර ඇති බවට වාර්තා වනවා.ඒ සම්බන්ධයෙන් පරිසරවේදින් විදිහට ඔබතුමන්ලා දැනුවත්ද?

එහෙම සැලසුමක් තියෙනවානම් ඒකට අනිවාර්යෙන්ම පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කරන්න එවිට මළ ද්‍රව්‍ය කොයිතරම් දුරට පිරිපහදු කරනවද එම පිරිපහදුකරන ද්‍රව්‍ය වල රසායනික හා අනෙකුත් අපද්‍රව්‍ය කොයිතරම් දුරට තියෙනවාද කියන එක උඩ තමයි තාක්ෂනික අචහසක් දෙන්න පුළුවන් වෙන්නෙ .මෙලෙස කෑල්ලෙන් කෑල්ල තක්සෙරු වාර්තා ලබා ගන්න යන නිසා මේ ප්‍රශ්නය ඉතාම සංකූලතාවයකට පත්ව තිබෙනවා.පුර්ව නිරික්ෂනය කරලා පිලියම් යොදන එක තමයි පාරිසරික තක්සේරු වාර්තාවක හරය.මෙලෙස මුල් අවස්ථාවේදිම වැරදි කරන්න ඉඩ දීම නිසා අද මේ ව්‍යාපෘතිය තුල වැරදි මාලාවක් සිදුවනවා.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.