“පෝට් සිටි “ය නොදකින ජනදුක

“දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ” යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්‍රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය.

ජේසිකා ඇතුළු සැලකිය යුතු පිරිසකට වෙරළ ඛාදනය තදින් බලපා ඇති අතර මේ වන විටත් ඔවුන්ගේ දේපළ රැසක් මුහුදුබත් වී තිබේ.

මෙවැනි ඛේදජනක තත්ත්වයක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බව බොහෝ දෙනෙක් පැවසූහ.

දෙවියන්ට කීම හැර වෙනත් කළ හැකි දෙයක් ඉතිරිව නොමැති බව ජේසිකා බර්නදෙත් වැඩිදුරටත් කියා සිටියාය.

“පරම්පරා කීපයක් අපි මේ ස්ථානයේ ජිවත් වුණා. මුහුදු වෙරළ තිබුණේ මීට සෑහෙන දුරකින්. අපේ ගෙවල් තාප්පවලින් වට කරගෙන හොඳ ජිවිතයක් ගත කළා. නමුත් පෝට් සිටියට වැලි ගත්තා විතරයි මුහුද අපි ළඟටම ඇවිල්ලා. දැන් අපේ දේපලත් විනාශ කරගෙන ගිහින් තියෙනවා. රෑට නිදියන්න බයයි මොකද මුහුද තියෙන්නේ අපේ ගේ ළඟ නිසා. වැසිකිළිය, තාප්පය මුහුදට ගියා දැන් බිත්ති ටිකත් මුහුදුබත් වෙන්න ළඟයි.”

Port City project in Sri Lanka
Image caption“අලුතෙන් එක නගරයක් නිර්මාණය කරද්දී තවත් නගර රැසක් විනාශ වුණා”

තවදුරටත් සිදු කෙරෙමින් පවතින මුහුදෙන් වැලි ගැනීම වහා නැවැත්විය යුතු බව ‘වෙරළ කන්දේ’ ජිවත් වන මරියා සෙලින් පවසයි.

“දැන් වැලි ගත්තා ඇති. දැන් කරන්න තියෙන්නේ අපිට ගල්වැටියක් දාලා දෙන එක තමයි. නැත්නම් පරම්පරා හතරක් පහක් ජිවත් වුණ භූමිය දාලා අපිට යන්න වෙන දවස වැඩි ඈතක නැහැ.”

වරාය නගරයේ ආරම්භය

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පරිසර විනාශය ගැන 2012 වර්ෂයේ සිට බලධාරීන් සහ ලෝක ප්‍රජාව දැනුවත් කළ බව වරාය නගරයට එරෙහිව පෙළ ගැසී ඇති ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි.

ධීවර ප්‍රජාව සහ මුහුදු වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව, ඔවුන් නියෝජනය කරන සංවිධාන, පරිසරවේදීන් , ආගමික නායකයන්, නීතිඥයන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන වල එකතුවකින් මෙම ‘පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය’ සංවිධානය වී ඇත.

Port City project in Sri Lanka
Image captionජේසිකා බර්නදෙත් සහ මරියා සෙලින්

“වරාය නගරය මුල්ම අදහස ගෙනාවේ 2002 දී එක්සත් ජාතික පක්ෂය. නමුත් මේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2014 සැප්තැම්බර 17 . පසුව එය යහපාලන රජය බලයට පත් වීමත් සමග නතර වුණා . නමුත් 2015 වසරේ ම මෙය නැවත ආරම්භ වුණා” යැයි පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කාරිය සුභාෂිනි කමලනාදන් ප්‍රකාශ කළාය.

“ඒ තිබුණු බිම් ප්‍රමාණයට වඩා එහා ගිහින් තියෙනවා. උද්ඝෝෂණ ,විරෝධතා යහපාලන රජයේ බලධාරීන්ගේ ඇස් වලට පෙනුණේ නැහැ .කන් වලට ඇහුණේ නැහැ. මේ නිසා ඔවුන් දිගටම මේ වැඩේ කළා පසුගිය අවුරුදු හතරකට ආසන්න කාලයක් තුල විශාල වශයෙන් මිගමුව ආශ්‍රිත මුහුදු තිරයෙන් වැලි ගත්තා. පෝර්ට් සිටිය සඳහා භූමිය නිර්මාණය කළා.”

“අලුතෙන් එක නගරයක් නිර්මාණය කරද්දී තවත් නගර රැසක් විනාශ වුණා,” ඇය පැවසීය.

මේ වන විට මීගමුවේ සිට උඩප්පුව දක්වා වෙරළ තීරයේ නිවාස හා ධීවර වාඩි සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව සුභාෂිනි කමලනාදන් පැවසුවාය.

Port City project in Sri Lanka

”ධීවරයාට රැකියාව කරන්න වෙරළ ඕනෑ . ඒ වගේම ඔවුන්ගේ නිවාස ඕනෑ . නමුත් දැන් මේ දෙකම ඔවුන්ට අහිමි වෙලා ඉවරයි . කවුද දැන් මේ ධීවර ජනතාව ගැන බලන්නේ. මේ පෝට් සිටි නිසා මහා පාර උරුම වුණ කීදෙනෙක් අද ඉන්නවද? ඔවුන් ගැන කවුද බැලුවේ?.”

“කතෝලික සභාවත් වගකිව යුතුයි”

පෝට් සිටි ව්‍යාපෘතියේ ආරම්භයට කතෝලික නායකත්වය සම්පුර්ණයෙන් වගකිවයුතු බව ජනවබෝධය කේන්ද්‍රයේ සභාපති සරත් ඉද්දමල්ගොඩ පියතුමන් පැවසූහ.

“යහපාලන රජය දෙවෙනි වර මේ ව්‍යාපෘතිය ආරම්භ කරද්දී බරපතල විරෝධතාවක් පැමිණියා .රජයට හැකි වුණේ නැහැ මේ විරෝධතාවය නොසලකා හරින්න. නමුත්, මේ අවස්ථාවේ රජය කළේ කතෝලික සභාවේ සහය මේ සඳහා ලබා ගැනීමයි.ඒ අනුව මීගමුවේ තිබෙන ලොකුම ධීවර සමිතිය දින පහක උපවාසයක නිරත වුණා පෝට් සිටියේ වැලි ගැනීමට විරුද්ධව.”

Port City project in Sri Lanka
Image captionසරත් ඉද්දමල්ගොඩ පියතුමන්

“මේ අවස්ථාවේදී රජය කිව්වේ කිලෝමීටර් දහයකට එහායින් වැලි ගන්නවා කියලයි .අන්තිමට රජය ඒ පොරොන්දුව කඩ කළා.”

පසුගිය පාස්කු දින ප්‍රහාරය පිළිබඳ අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත්ව සිටියා මෙන් වරාය නගරය ඉදිකළහොත් ගල්කිස්සේ සිට කල්පිටිය දක්වා මුහුදු තිරය ඛාදනය වන බව ද දැනුවත් යැයි සරත් ඉද්දමල්ගොඩ පියතුමා පැවසූහ.

විද්‍යාත්මක ඇසින්

වෙරළබඩ භූරූප විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත වරාය නගරය නිසා සිදුවන හානිය පිළිබඳ 2015 වර්ෂයේ සිට දැනුවත් කිරීම් සිදු කර තිබේ.

Port City project in Sri Lanka
Image captionමහාචාර්ය ජිනදාස කටුපොත

“පෝට් සිටි සම්බන්ධයෙන් අධිකරණයට යාමට තීන්දු කිරීමේදී 2015 වසරේමේ පිළිබඳ විද්‍යාත්මක හෙළිදරව්වක් අවශ්‍ය වෙලා තිබුණා. මම වසර ගණනක ඉඳලා වෙරළ බඩ තිරයේ හැසිරීම් රටාව ගැන අධ්‍යනයක නිරතව සිටියත්, පෝට් සිටියෙන් වෙන බලපෑම ගැන කතා කළේ නැහැ .ඒ මොකද කතා කරලා වැඩක් නැති නිසයි . නමුත් පසුව මට ඒ ගැන කතා කරන්න සිද්ධ වුණා.”

“මේ මුහුදේ තිබෙන වැලි සංචිත අද ඊයෙක ඒවා නෙමෙයි . මේ වැලි සංචිත වසර මිලියන ගණනකදී නිර්මාණය වූ ඒවා විය හැකිය . මේ සංචිත අයින් කළාම එතන හිඟයක් ඇතිවෙනවා . ඒ හිඟය පුරවන්න තව තැනකින් වැලි එනවා .නමුත් ඉවතට ගන්න ප්‍රමාණය වැඩි වෙනකොට සමතුලිතතාවය රැකෙන්නේ නැහැ. මේ වන විට අපේ සමීක්ෂණ කණ්ඩායම් වාර්තා කරලා තියෙනවා කල්පිටිය දක්වා මුහුදු තිරය ඉතා දරුණු විදිහට ඛාදනය වෙනවා කියලා.”

වරාය නගරය හරහා ලංකා සිතියම වර්ග කිලෝමීටර් කීපයකින් විශාල වූවත්, එහි ඉදිකිරීම් සඳහා මුහුදෙන් වැලි ගැනීම නිසා වැඩි භුමි ප්‍රමාණයක් මේ වන විට ලංකා සිතියමෙන් ඉවත් කිරීමට සිදුව ඇති බව ද මහාචාර්ය ජිනදාස කටුපොත අවධාරණය කළේය.

Port City project in Sri Lanka
Image caption‘පෝර්ට් සිටි’

“මේවා දේශපාලකයනට කියලා වැඩක් නැහැ . ඔවුන් කරන්නේ කීයක් හරි අරගෙන ජනතාව නොමග යවන එකයි .මේවා කතා කරන්න ගියාම අපි තමයි වැරදි කාරයෝ වෙන්නේ. නමුත් දැන් තිබෙන විනාශයට වඩා වැඩි විනාශයක් ඉදිරියේදී සිදු වෙයි.”

ධීවර ප්‍රජාව

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වැඩිම බලපෑම සිදු වන්නේ ධීවර ප්‍රජාවට බව ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා හිටපු මහලේකම්වරයෙකු වන හර්මන් කුමාර පැවසීය.

“සංවර්ධනය කියලා තමයි වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ .මම බලධාරීන්ගෙන් අහනවා මේ වෙනකොට රටේ ජනතාවට වරාය නගරයෙන් ඇතිවී ඇති ඵල විපාක කියන්න පුළුවන් ද කියලා. අපේ රටේ සංචාරක කර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට වෙරළ ඕනෑ. මේ කර්මාන්ත දෙකම වැඩි වශයෙන් ව්‍යාප්තව තිබෙන්නේ බටහිර වෙරළ තීරයෙයි. නමුත් අද තිබෙන වෙරළ ඛාදනය මේ කර්මාන්ත දෙකටම දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.”

වෙරළ ඛාදනය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස මීගමුව, බසියාවත්ත , තලාහේන , උස්වැටකෙයියාව , කුඩා මඩුවැල්ල , හලාවත වැල්ල , කරුකපනේ ,මුතුපන්තිය, උඩප්පුව ආදී ප්‍රදේශ හැඳින්විය හැකි බව හර්මන් කුමාර තවදුරටත් පැවසුවේය.

Port City project in Sri LankaImage copyrightGOOGLEEARTH
Image caption14/04/2015 මීගමුව ප්‍රදේශයේ ‘ගූගල් අර්ත්’ ඡායාරූපයක්
Port City project in Sri LankaImage copyrightGOOGLEEARTH
Image caption04/02/2017 මීගමුව ප්‍රදේශයේ ‘ගූගල් අර්ත්’ ඡායාරූපයක්
Port City project in Sri LankaImage copyrightGOOGLEEARTH
Image caption23/12/2017 මීගමුව ප්‍රදේශයේ 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.