නීතියේ හිඩැසකින් ලංකාවට පැමිණි ” කුණු “

එක්සත් රාජධානියේ සිට ශ්‍රී  ලංකාවට ආනයනය කර කොළඹ වරායේ සහ කටුනායක හේලිස් ෆ්‍රී සෝන් සමාගම් පරිශ්‍රයේ  රඳවා ඇති අපද්‍රව්‍ය  බහාලුම්  මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම  අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන් වගකිව යුත්තන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි.

ආන්දෝලනයට තුඩු දෙන මෙම අපද්‍රව්‍ය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2018 වර්ෂයේ  මාර්තු දක්වා අතර කාලය තුළදී බහාලුම් 241ක් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව අනාවරණ වෙයි.

ඉන් බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් සමාගම්පරිශ්‍රයේ රඳවා ඇති අතර ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක  ඇති බව වාර්තා වෙයි.

ජාතික පාරිසරික පනතට අනුව විදේශයෙන් මෙරටට  කසල ආනයනය කිරිම සපුරා තහනම් වෙයි.

එසේ විදේශ රටවල් අපදුව්‍ය  ආනයනය කිරිම සිදු කරනු ලබන්නේ  නීතිය දුර්වල සහ නීතියෙන් රිංගා යාමට හැකිවන රටවල් වලට බව  නීතිවේදින් පෙන්වා දෙයි.

මෙලෙස අපද්‍රව්‍ය  ආනයනය කිරිමේදි විකිරණශලි අප්‍රව්‍ය ආනයනය කළහොත් සිදුවන විනාශය ගැන සිතීමත් බියකරුය. එලෙස වුවහොත් පරම්පරා ගණනාවකට එහි අහිතකර ප්‍රතිපල භුක්ති විඳිමට සිදුවනු ඇත.

මෙම අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇත්තේ හේලීස් ෆ්‍රී සෝන් ආයතනයට වුවද එම ආයතනය කසල ආනයන කළ බව තරයේ ප්‍රතික්ෂේප කරයි.හේලීස් පී.එල්සී හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා කියා සිටියේ සදාචාරාත්මක හා සමාජීය වශයෙන් වගකිව යුතු සමාගමක් වන හේලීස් සමාගම  කිසි විටෙකත්  මව්බිමට කසළ ආනයනය කිරීම වැනි සදාචාර විරෝධී දෙයකට සම්බන්ධ නොවන බවයි.

මෙම ව්‍යසනකාරි ගැටළුව පිළිබඳව  colombogazette සමග අදහස් දක්වමින් පරිසර නීතිවේදි ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ  මෙලෙස අපද්‍රව්‍ය ආනයනය කිරිම 2013 වර්ෂයේ සිදු කළ වංචා සහගත වැඩක ප්‍රතිපලයක් බවයි. මුල්‍ය පනත යටතේ  2013 ජුලි මස 11 වැනි දින නිකුත් වු 1818/30 ගැසට් නිවේදනය යටතේ  නිතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කොට මෙම කටයුත්ත සිදු කර ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම ගැසට් පත්‍රය මගින් රේගුවට ලබා නොදුන් බලතල ආයෝජන මණ්ඩලයට ලබා දි ඇත.

මේ පිළිබඳව  පරිසර නීතිවේදි ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

ලංකාවේ රේගුවට උඩින් ආයෝජන මණ්ඩලයට බලතල දෙන විදිහට තමයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ. එහෙම ගැසට් නිකුත් කරන්න බැහැ. පනතක් අභිබවා යන්න නීයෝගයකට පුළුවංකමක් නෑග ආණ්ඩු මාරුවුනත් මුදල් අමාත්‍යවරුන් ආවත් කව්රුවත් මේ පිළිබඳව කටයුතු කළේ නැහැ. මේ විකෘති තත්ත්වය යටතේ තමයි මෙි විදිහට අයුතු ප්‍රයෝජන අරන් තියෙන්න ලංකාවට කුණු ගේන්න. මේක සම්පුර්ණයෙන් හබ් ඔපරේෂන් කියලා කළේ කුණු ගේන එක. ජාතික පාරිසරික පනතේ 23(අ) වගන්තියේ ප්‍රතිපදන ක්‍රියාත්මක කිරිමට රේගු අඥා පනතේ 2 වැනි වගන්තිය හරහා රේගුවට පුළුවන්. නමුත් රේගු අඥා පනතට අනුව මේ හබ් ඔපරේෂන් එක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ ගැන පරිසර අධිකාරියට කරන්න දේකුත් නැහැ.රේගුව ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් කොහෙමද පරිසර අධිකාරිය ක්‍රියාත්මක වෙන්නෙ. මේකෙදි බොහොම ලස්සන විදිහට නීතයි අකර්මන්‍ය කරලා තියෙනවා. යම් භාණ්ඩ ගෙන්වීමේ මුවාවෙන් සිදුවුනු මේ නීතිය විකෘතිවීමේ ප්‍රතිපලය මත අවසානයේ ලංකාවට ආවෙ කුණු.

 

 

 

 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.