නව ව්‍යවසායකයින්ට අතදෙන “සිටි බැංකුව”

කොළඹ ඩී.එස්. සේනා­නා­යක විදු­හලේ උගෙන, ‘සිටි’ බැංකුවේ ලිපි­ක­රු­වකු ලෙස වෘත්තීය ජීවි­තය ඇරැඹූ, රවීන් බස්නා­යක මහතා, තිස් වස­රක සිය බැංකු ජීවි­තයේ කූට ප්‍රාප්තිය වෙත පැමිණ, අද සිටි බැංකුවේ ශ්‍රී ලංකාව බාර ප්‍රධානවිධා­යක නිල­ධාරි තන­තුර හොබ­වයි. ජාත්‍ය­න්තර බැංකු­වක් ලෙස සිය මෙහෙ­ව­රෙහි යෙදෙන අත­ර­තුර, සිය රට උදෙසා ද කළ හැකි දේ පිළි­බඳ මේ කතා බහ පෙළ ගැසෙ­නුයේ රවීන් බස්නා­යක මහතා සම­ඟයි.

•‘සිටි’ බැංකුව… සාමාන්‍ය ජන­තා­වට එත­රම් සමීප හෝ හුරු පුරුදු නමක් නෙවෙයි නේද…

ඇත්ත. අපි පුද්ග­ලික ගිණුම් පව­ත්වා­ගෙන යන්නෙ නැහැ. පෞද්ග­ලික ජංගම ගිණුම්… ක්‍රෙඩිට් කාඩ් වැනි සේවා පව­ත්වා­ගෙන යනවා නම් තමයි, පොදු ජන­තාව නිතර යන්නේ එන්නේ. නමුත් අපි පව­ත්වා­ගෙන යන්නේ ව්‍යාපා­රික ගිණුම් පම­ණයි. අපේ ගනු­දෙ­නු­ක­රු­වන් වන්නේ, ජාත්‍ය­න්ත­රය හා ගනු­දෙනු කරන ව්‍යාපා­රික ප්‍රජාව පම­ණයි. ව්‍යාපා­රික ගනු­දෙනු පම­ණයි, අපේ බිස්නස් මොඩල් එක.

• සිටි බැංකුවේ ඉති­හා­සය මොන තරම් කාල­යක් ද..

ලංකාවේ සහ ලංකා­වට ආ ජාත්‍ය­න්තර ව්‍යාපා­රික ප්‍රජා­වට දැන් අවු­රුදු 40ක් පුරා සිටි බැංකුව වැඩ­කර තිබෙ­නවා. 1979 දෙසැ­ම්බර් 05 දිනයි, ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කළේ. අපි මේ සම­රන්නේ අභි­මා­න­වත් 40 වැනි වසර.

• එත­කොට බැංකුව අයිති මවු­රට…

ඇමෙ­රි­කාව. එය ඇමෙ­රි­කාවේ අවු­රුදු දෙසිය දහ­යක් ඉපැ­රැණි ඉති­හා­ස­යක් තිබෙන බැංකු­වක්. ලෝකයේ රට­වල් 96ක, බල ප්‍රදේශ 168ක් පුරා සිටි බැංකු ශාඛා තිබෙ­නවා. ඒ වගේම මෙය ඇමෙ­රි­කාවේ ‘සිටි ගෲප්’ කියන දැවැන්ත ව්‍යාපාර සමූ­හයේ එක් ව්‍යාපා­ර­යක් පම­ණයි.

• ඒ කියන්නෙ ‘සිටි’ බැංකුව, තවත් එක් විදේ­ශීය බැංකු­වක්…  

නැහැ. හුඟක් විශේ­ෂතා තිබෙන බැංකු­වක්. 1977 විවෘත ආර්ථි­කයේ ඇරැ­ඹී­මත් සමඟ ලංකා­වට ආ පළමු විදේ­ශීය බැංකු­වත් මෙයයි. බැංකුව පිහි­ටු­වීමේ අර­මුණ වුණේ, විවෘත ආර්ථි­ක­යත් සමඟ ලෝකෙට විවර වූ ලංකාවේ අන්ත­ර්ජා­තික වෙළෙ­ඳා­මට උදව් කිරීම. ඒ කියන්නෙ, ලංකාවේ ව්‍යාපා­රි­ක­යින් ලෝකය සමඟ වැඩි වැඩි­යෙන් ගනු­දෙනු කරද්දි සහ විදේ­ශීය ව්‍යාපා­රි­ක­යින් ලංකා­වට ආයෝ­ජන රැගෙන එද්දී, සිටි බැංකුව අත්‍යා­වශ්‍ය මැදි­හ­ත්ක­රු­වකු ලෙස කට­යුතු කර­නවා. විවෘත ආර්ථි­කය වන විට ලංකාවෙ වසර වසර සිය­යක් පමණ පැරැණි විදේශ බැංකු දෙකක් ක්‍රියා­ත්මක වුණත් ඒවායේ ව්‍යාප‍ාර කට­යුතු බොහෝ­විට ආසි­යානු සහ අප්‍රි­කානු ප්‍රදේ­ශ­ව­ලට සීමා වුණා. ලොව පුරා විහි­දුණු ශාඛා 168ක් සහි­තව ව්‍යාප්තවූ ලංකාවෙ තිබෙන විශාල ම ජාත්‍ය­න්තර බැංකුව ලෙසයි සිටි බැංකුව ක්‍රියා­ත්මක වන්නේ. ඉතින්, ලංකාවෙ ව්‍යාපා­රික ප්‍රජා­ව­ටත්, අනෙක් සෑම රට­කම ව්‍යාපා­රික ප්‍රජා­ව­ටත් රට රට­වල් අතර ව්‍යාපා­රික කට­යු­තු­වල නියැ­ළෙන්න සිටි බැංකුව උදව් කර­නවා. මොකද, අපේ රට දියුණු කරන්න ප්‍රධා­න‍කොට අවශ්‍ය වන විදේශ ආයෝ­ජන සහ විදේශ වෙළෙ­ඳාම සඳහා රජ­යට සහ ව්‍යාපා­රික ප්‍රජා­වට, අපිට තමයි හොඳ­ටම උදව් කරන්න හැකි­යාව තිබෙන්නේ. හේතුව, ලොව රට­වල් එක­සිය හැට­අ­ටක් පුරා විහි­දුණු අපේ විසල් ශාඛා ජාලය නිසා.

• ලංකාවෙ මොන තරම් ශාඛා ප්‍රමා­ණ­යක් තිබෙ­න­වද…

එක බැංකු­වයි. ලංකාවෙ මූල­ස්ථා­න­යත් එය­මයි. හේතුව, අපේ බිස්නස් මොඩ­ල­යට අනුව, මුලින් කිව්වා වගේ ව්‍යාපා­රි­ක­යන් පම­ණයි අපේ ගනු­දෙනු කරු­වන්. ඉතින්, බැංකුව ව්‍යාපා­රි­ක­යන් වෙත යනවා විනා, ඔවුන් බැංකුව වෙත පැමි­ණීම අවශ්‍ය නැහැ. ලංකාවෙ කොහේ වුණත් මේ කට­යුතු සිදු­ක­රන්න අපිට මේ ශාඛාව හොඳ­ටම ඇති. අනික, සිටි බැංකුව, ලෝකයේ ඉහළ ම ඩිජි­ටල් තාක්ෂ­ණය භාවිත වන බැංකු­වක්. ඒ වගේම, ලොව ඉහ­ළම ව්‍යාපා­රික ආචා­ර­ධර්ම ලංකා­වට හඳුන්වා දෙන බැංකු­වක්.

• ඒත්, සිටි බැංකුව එක්ක ගනු­දෙනු කරන්න හිතන කුඩා ව්‍යාපා­රි­ක­යන්ට එය පහ­සු­වක්ද…

ලංකාවෙ පම­ණක් ව්‍යාපා­රික කට­යුතු කරන කෙන­කුට අපෙන් ලබා ගත හැකි සේවය සීමා සහි­තයි. ඒ අයට ඊට වඩා හොඳ සේව­යක් ලාංකික බැංකු­ව­කින් ලබා­ගත හැකියි. කවුරු හරි ව්‍යාපා­රි­ක­යෙක් ලෝක­යත් එක්ක ගනු­දෙනු කර­නවා නම් තමයි, අපේ සේවා­වල ඉහළ ම වටි­නා­කම ඔවුන්ට තිබෙන්නේ.

• ඔබේ ගනු­දෙ­නු­ක­රු­වන් නොවන නිසා, පොදු ජන­තා­ව­ගෙන් ඈත්ව සිටී­මට සිදු වීම, කන­ගා­ටු­වට කරු­ණක් නෙවෙ­යිද…

නැහැ. කිසි­ව­කුත් හිත­න­වාට වඩා අපි පොදු ජන­තාව සමග සමී­පයි. ඒ අපේ සමාජ සත්කා­රක කට­යුතු හරහා. ලංකාවෙ අපිට විත­රක් නෙවෙයි, ලොව පුරා සිටි බැංකු ජාල­ය­ටම ‘ගෝලීය ප්‍රජා දින­යක්’ තිබෙ­නවා. ඒ දව­සට ලෝකෙ පුරා හැම සිටි බැංකු සේව­ක­යෙක් ම පොදු සමාජ සත්කාර වැඩ­ස­ට­හ­නක නියැ­ළෙ­නවා. දැන් අපි ඉන් ඔබ්බට ගිහින් රටක් හැටි­යට හිතන්න පටන් අරන්. රටේ අව­ශ්‍යතා අනුව අපේ සේවය දෙන්න වැඩ­ස­ට­හන් පටන් අරන්. මේවා බොහෝ විට තරුණ ප්‍රජාව ඉලක්ක කර­ගත් වැඩ­ස­ට­හන් සහ ව්‍යාපෘති.

• මොන වගේ වැඩ­ස­ට­හන් ද ඒ…

ප්‍රධාන දේ තමයි, ලංකාවෙ පළාත් නව­යම නියෝ­ජ­නය වන පරිදි ඈත ගම්බද තරුණ තරු­ණි­යන් ඒක­රාශි කොට ඔවුන්ගේ ව්‍යව­සා­ය­කත්ව අද­හස් මුල­පු­ර­න්නට ඔවුන්ට දැනුම සහ තාක්ෂ­ණික දැනුම දීම. ඊළ­ඟට තරුණ කඳ­වුරු හරහා පිට­රට දේශ­ක­යින් ගෙන්වා ඒ දැනුම තවත් වර්ධ­නය කර­නවා. මේක තර­ගා­ව­ලි­යක්. අව­සාන වට­ව­ලට එද්දි ඔවුන්ගේ ව්‍යාපා­ර­ව­ලට මුල පුරන්න අවශ්‍ය ප්‍රාග්ධ­නය ලබා දෙනවා. මේ වැඩ­ස­ට­හන අපි නම් කොට තිබෙන්නේ ‘යූත් කෝ – ලැප්’ නමින්. ඒ වගේම, දෙදෙ­න­කුට අව­ස්ථාව ලැබෙ­නවා ආසි­යාවේ ‘යූත් කෝ – ලැප්’ සම්මේ­ල­න­යට සහ­භාගි වෙන්න. මේ වෙන­කොට ගම්බද තරුණ තරු­ණි­යන් අට දෙනෙක් මේ සඳහා අප සහ­භාගි කරවා තිබෙ­නවා. එහෙම යන ඔවුන්ගේ ඊළඟ පිය­වර තමයි, ජාත්‍ය­න්ත­රය හා තරග කිරී­මට තමන්ගේ ව්‍යාපාර අද­හස් සකසා ගැනීම.

• එප­ම­ණද…

නැහැ. අලුත් ව්‍යව­සා­ය­ක­යන්ට අවශ්‍ය තොර­තුරු තාක්ෂ­ණික දැනුම ලබා දීමත් තවත් වැඩ­ස­ට­හ­නක්. එය දින දෙකක වැඩ­ස­ට­හ­නක්. ඒ වගේම, තරුණ සේවා සභාව සමඟ අත්වැල් බැඳ­ගෙන කරන මේ වැඩ­ස­ට­හ­නේදි මූල්‍ය සාක්ෂ­ර­තාව පිළි­බඳ දැනුම ලබා දෙන්න සිටි බැංකුව මූලි­කව කට­යුතු කර­නවා. ඇත්ත­ටම මෙය, ‘සමා­ජ­මය වෙන­සක් සඳහා තාක්ෂ­ණික ව්‍යව­සා­ය­ක­ත්ව­යක්’ යන තේමාව යටතේ ක්‍රියා­ත්මක වන ව්‍යාපෘ­ති­යක්. එහෙම බලද්දි ව්‍යව­සා­ය­ක­ත්වය කියන කාර­ණාව ඔස්සේ මේ රටේ 5000 කට අධික තරුණ පිරි­සක් මේ වන විට දැනු­මින් සන්නද්ධ කොට තිබෙ­නවා. රට තුළ පොදු ජන­තාව සමඟ මූල්‍ය ගනු­දෙනු නොක­ළාට, අපි තරුණ ව්‍යව­සා­ය­ක­ත්වය නඟා සිටු­වන්න කරන මෙහෙ­ව­රෙන් බිදක් විත­රයි මේ.

• මොන­ත­රම් වත්කම් ප්‍රමා­ණ­යක් තිබෙන බැංකු­වක් ද මේ…

අපි සම්පූ­ර්ණ­යෙන් ඇමෙ­රි­කා­වට අයත් බැංකු­වක්. එත­කොට අපේ වත්කම මනින්න වෙන්නෙ ලාංකීය මට්ට­මින් නෙවෙයි. එහෙම බලද්දි ගිය අවු­රුද්ද වන විට සම්පූර්ණ වත්කම, ඇමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 1.917 යි. ඒ වගේම, ෆිච් රේටින් දර්ශ­කයේ AAA ලබා ගත් පළමු විදේ­ශීය බැංකු­වත් මෙයයි.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.