අසාද් සාලි ආණ්ඩුකාර ධූරයෙන් වහා ඉවත් කළ යුතුයි. හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු කියති.


බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ ප‍්‍රකාශ සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා  රාජගිරිය කොටුවේගොඩ, ගැමුණු මාවතේ පිහිටි ජාතික කි‍්‍රයාකාරී මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරුන් වන නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, නීතිඥ අරුණ දීපාල්, රංගන ශිල්පි උදාර රත්නායක, හිටපු මන්තී‍්‍රනි නිරෝෂා අතුකෝරළ යන අය සහභාගි විය.

මෙහිදී අදහස් දක්වමින් නිශාන්ත වර්ණසිංහ මහතා කියා සිටියේ අසාද් සාලි ආණ්ඩුකාර ධූරයට මුවාවෙමින් ආරක්ෂක හමුදාවල සහ පොලීසියේ කි‍්‍රයාකාරීත්වය සමච්චලයට ලක් කරමින් කරන ප‍්‍රකාශ නිසා බහුතර සිංහල බෞද්ධ ජනතාව හා කතෝලික ප‍්‍රජාව තුළ කෝපය හා කේන්තිය ඉහවහා යමින් ඇති බවයි. මුස්ලිම් විරෝධි කෝලහාල හා දාමරික කි‍්‍රයා යළිත් ඇතිවුවහොත් එහි වගකීම අසාද් සාලි භාරගත යුතු බවත් ප‍්‍රකාශ කළ වර්ණසිංහ මහතා එම ධූරයට ඔහුව පත්කළ ජනාධිපතිවරයාට ද ඉන් ගැලවීමක් නැතිබව ද ප‍්‍රකාශ කළේය. අද වන විට බෞද්ධයන්ට හා කතෝලිකයන්ට ආගම ඇදහීමේ නිදහස අහිමි වී ඇති බවත් මුස්ලිම් අන්තවාදීන්ගේ

කි‍්‍රයාකාරිත්වය හා ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා මෙවර වෙසක් බෞද්ධයන්ට අහිමි වූ බවද පන්සලට ඇතු`ඵවීමේ දී උපාසක උපාසිකාවන්ගේ දරුවන්ගේ ඇ`ගපත අතගා පරීක්ෂා කරන තත්ත්වයටත්, මල්වට්ටියට හා කිරිපි`ඩු දානය යකඩ කූරු වලින් ඇණ පරීක්ෂා කරන තත්ත්වයට පත්වූ බවත් විහාරස්ථාන භූමී වල පොලිස් හා හමුදා නිලධාරින් සේවා කළේ සපත්තු හා හිස්වැසුම් පැළඳගෙන බවත් ඒ සියල්ල බෞද්ධයන් ඉවසුවේත් කතෝලිකයන් දේවස්ථාන තුළ දී කායික හා මානසික හිරිහැයන්ට ලක්වන්නේත් රටේ ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වෙනුවෙන් කරණ කැපකිරීමක් බව අසාද් සාලි මතක තබාගත යුතු බවත් මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහසට හා රාමසාන් උත්සව වලට කිසිදු බාධාවක් හිරහැරයක් නැති බව ද ප‍්‍රකාශ කළ නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මුස්ලිම් දේවස්ථාන එකවරක් නොව අවශ්‍ය නම් සියවරක් වුව පරීක්ෂා කළ යුතු බව ත‍්‍රස්තවාදය හා අන්තවාදය බිහිවී ඇත්තේ මුස්ලිම් සමාජය තුළින් බවත් සැම මුස්ලිම්වරයෙක්ම ත‍්‍රස්තවාදියෙක් නොවුනත් මෙම ප‍්‍රහාරයට හා තවුහිද් ජමාද් ත‍්‍රස්තවාදයට සම්බන්ධ සියලූදෙනා මුස්ලිම්වරු බව මතක තබාගත යුතු බව ද ප‍්‍රකාශ කළේය.

කිතුණු දේවස්ථාන වලට බෝම්බ බැඳගෙන ගොස් මිනිස්සු මරන්න පු`ඵවන් ඉස්ලාමීය අන්තවාදීන්ට. එහෙත් මුස්ලිම් පල්ලි වලට සෝදිසි කරන්න හමුදාවට සපත්තු දාගෙන තෝප්පි දාගෙන යන්න බැහැ. බල්ලෝ ගෙනියලා පරීක්ෂා කරන්න බැහැ. මේ ගැන අසාද් සාලි කියලා තියෙනවා මුස්ලිම් මිනිසුන්ගේ ඉවසීමේ සීමාව පැනලා කියලා. අසාද් සාලිටයි මුස්ලිම් සමාජයටයි කියන්න ඕනේ සිංහල බෞද්ධයෝයි සිංහල කතෝලිකයො නහුතේටම ඉවසලා ඉවසීමේ රතු ඉර පැනලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. කිසිම වගකීමක් නැතිව ත‍්‍රාඩ විදිහට කඩප්පුලි විදිහට සමච්චල් භාෂාවෙන් කථා කරන අසාද් සාලිගේ කටමැත දෙඩවීම නවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැත්නම් ජනතාව නීතිය අතට ගනිවි. ජනතාව පාරට එන දවස වැඩි ඈතක නැහැ. මහනායක හිමිවරුන්ගෙන් කාදිනල් තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ලක්ෂ ගණනින් මහජනයා පාරට ගෙනැල්ලා සාමකාමී විරෝධතාවයකට යන්න කියලා. එක රටක් එක නීතියක් වෙනුවෙන් ඉදිරියට එන්න කියලා.
බස්නාහිර පළාත් සභාවේ හිටපු ආන්ඩුකාරවරු සියලූ දෙනා ගරුකටයුතු පිළිගැනීමක් තිබිච්ච අය. බස්නාහිර පළාතේ මුල්ම ආණ්ඩුකාරයා වුයේ අගවිනිසුරු ධූරය හොබවපු එස්.සර්වානන්ද විනිසුරුතුමා. ඊළ`ගට ජනාධිපති නීතිඥ ඞී.එම්.ස්වාමීනාදන් මැතිතුමා, ඊළ`ගට අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු කේ.විග්නරාජා. ලංකාවේ නිදහස් අරගලයට නායකත්වය තිබු රාමනාදන් මැතිතුමාගේ මුණුපුරෙක් වෙච්ච අබියාචනාධිකරණයේ හිටපු විනිසුරුවෙක් වන පී.රාමනාදන් මැතිතුමා. ඊළ`ගට වැඩිම කාලයක් ආන්ඩුකාර ධූරය හෙමවූයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු වෘත්තිය සමිති නායකයෙකු වූ අලෙවි මව්ලානා මැතිතුමා. ඊළ`ගට පරිපාලන ක්‍ෂේත‍්‍රයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් වුනු කේ.සී.යෝගේෂ්වරන්. ඔහු තම වපසරිය හා වගකීම් තෙරුම්ගෙන නිසි පරිදි කටයුතු කළ ආන්ඩුකාරවරයෙක්. ආචාර්ය හේමකුමාර නානායක්කාර ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වගේම කෘෂිකර්ම විෂය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකරගත් අයෙක්. ඒත් බලන්න අන්තිමට පත්වෙච්ච අසාද් සාලි. ඔහු කොළඹ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙක් හා මධ්‍යම පළාත් සභාවේ මන්තී‍්‍රවරයකේ ලෙස කටයුතු කරලා විවිධ විෂමාචාර කි‍්‍රයාවන්ට චෝදනා ලබපු දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ආන්දෝලනයට ලක්වෙච්ච කෙනෙක්. ඔහු ආණ්ඩුකාරවරයා ලෙස පත්වුණු අවස්ථාවේම පළාත් සභාවේම විශාල විරෝධයක් මතුවුණා. විශ්වාසභංගයක් පවා ආවා. ඔහු පළාත් සභාවේ මන්තී‍්‍රවරුන්ට මුහුණ දුන්නේ නැහැ. එවැනි අවලස්සන අශෝභන කෙනෙක් තමයි උගත් වියත් වැදගත් ජනතාවක් ජීවත්වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරධූරය හොබවන මෙවැන්නෙක් මේ තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකියන්න ඕනේ. දැන්වත් මොහු මෙම තනතුරෙන් ඉවත් කරන්න. මුස්ලිම් කෙනෙක්ම පත්කරන්න ඕනේ නම් ෆවුසි ඇමතිතුමා ඉන්නවා. ෆෙරියල් අෂ්රෝෆ් ඉන්නවා. තව වැදගත් මුස්ලිම් නායකයෝ ඉන්නවා.
නැගෙනහිර පළාතත් ගිනිගෙන තිබින්නේ. එහේ ඉන්න සිංහල ජනතාව දෙමළ ජනතාව ජනාධිපතිවරයා ගැන කෝපයෙන් හා කේන්තියෙන් ඉන්නේ. සයින්දුමර්දු පිපිරීම බලන්න ජනාධිපති ගියේ ආණ්ඩුකාර හිස්බුල්ලත් පිරිවරාගෙන. මිනිස්සු මෙවායින් තේරුම් ගන්න දෙයක් තියෙනවා. මේ රටේ නීතිය හා බලය දෙවිදිහකට කි‍්‍රයාත්මක වන බව. වහාම හිස්බුල්ලා ආණ්ඩුකාරධූරයෙන් ඉවත් කරන්න ඕනේ. නැත්නම් නැගෙනහිර පළාතත් යක්ෂාවේශ වෙන්න පු`ඵවන්. ඒවගේම ජනාධිපති නීතිඥ අලි සබ්රි කියලා තියෙනවා, බෞද්ධයන්ට පාලි භාෂාව වගේලූ මුස්ලිම් අයට අරාබි භාෂාව. එතුමා උගත් නීතිඥයෙක්, සිංහල මුස්ලිම් සහජිවනය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් හැබැයි නොදන්න දේවල් කතා නොකරන ඉන්න ඕනේ. පාලි භාෂාවෙන් පන්සලවත් පාරවල් වලවත් කඩවල් වලවත් බෝර්ඞ් ගහන්නේ නැහැ. පාලි භාෂාවෙන් බෞද්ධයෝ කවුරුවත් කතා කරන්නේ නැහැ. හාමුදුරුවෝ පාලි හෝ සංස්කෘත භාෂාවෙන් ධර්මය දේශනා කරන්නේ නැහැ. ඒත් අරාබි භාෂාවෙන් ආගම දේශනා කරනවා. පාරවල් වලට නම් දානවා. කඩවල් වල බෝර්ඞ් ගහනවා. ආරාබිය වගේ නගර හදනවා. මෙහෙම ගියොත් සිංහලයින්ට කියයි සහජීවනය සඳහා අරාබි භාසාවත් ඉගෙන ගන්න කියලා. ඒවගේම මුස්ලිම් අන්තවාදය පතුරවන්න නවමිණි පුවත්පත හේතුවුණා. ඒ පිළිබඳවත් විමර්ශනයක් කරන්න ඕනේ. මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලොක්කා අමීන් මේ පත්තරෙන් මුස්ලිම් සමාජයට මොනවද දුන්නේ කියලා විමර්ශනයක් කරලා බලන්න ඕනේ. ඒවගේම රිසාඞ් බ¥ර්දීන්ගේ මන්තී‍්‍රවරු හයදෙනාගේම වත්කම් ගැන සොයා බලන්න ඕනේ. ඒවා කොහෝමද උපයාගත්තේ කියලා. කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් විතරක් නොවේ දේශපාලන කටයුතු වල නිරත් වුණු පුද්ගලයෙක්. ඔහු මෙතරම් මුදලක් සොයාගත්තේ කොහොමද කියලා සොයාබලන්න ඔනේ විතරක් නෙවෙයි මේ සැත්කම් හරහා සිංහල මව්වරුන් වඳභාවයට පත්කරලා තිබෙනවාද කියලා නිසි විමර්ශනයක් කරලා ඇත්ත හෙළිදරව් කරගන්නවා වගේම සිංහල ම්වවරු වඳකිරීම පිළිඳ සොයා බලන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන්න ඕනේ. ඒකට ජනතාවට තමන්ගේ අදහස් තොරතුරු දෙන්න අවස්ථාව සලසන්න ඕනේ. නගර සැළසුම් අමාත්‍යංශය තියෙන්නේ හකීම් අමාත්‍යවරයා යටතේ. ඔහුගේ වගකීමක් තමයි කාත්තන්කුඩි අක්කරයපත්තු කින්නියා සමන්තුරේ කියන නගර ශි‍්‍ර ලාංකීකකරණය කිරීම. ඒවායේ රටඉඳි ගස් ගලවලා අපේ රටට ආවේණික මිනිසුන්ට හෙවන දෙන්න පු`ඵවන් කුඹුක් ගස් හිටවන්න ඕනේ. උසස් අධ්‍යාපන ඇමතිවරයා විදිහට හකීම් ඇමතිතුමා වාලච්චේන, ශරියා විශ්ව විද්‍යාලය වහාම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ යටතට ගන්න ඕනේ. ඔවුන්ගේ ස්වයං විවේචනය හා ආත්ම පරීක්ෂාව සිදුවෙන්නේ ඒ තුළින් පමණයි. මුස්ලිම් සමාජය නිර් රැුඩිකල්කරණය කිරීම ජමිතුල්ලා උලමා සභාවේ වගකීමක්. වසර දෙකක් තුළ මුස්ලිම් සමාජය ශී‍්‍ර ලාංකීකකරණය කිරීමේ වගකීම ඔවුන්ට පවරන්න ඕනේ. ඒ අභියෝගාත්මක පරීක්ෂණය මුස්ලිම් ආගමික නායකයින් හා දේශපාලන නායකයින් මුස්ලිම් උගතුන් බුද්ධිමතුන් ඒ වගකීම භාරගන්න ඕනේ. එය ඉටුකරන බවට ඔවුන්ගෙන් සහතිකයක් බහුතර සමාජයට ලැබිය යුතුයි. එසේ නොවන තාක් සමාජයීය සාමයක් ඇතිවන්නේ නැහැ.
මෙහිදී අදහස් දැක්වු නීතිඥ අරුණ දීපාල් මන්තී‍්‍රතුමා ආණ්ඩුකාර අසාද් සාලි එම ධූරය අවභාවිතා කරමින් මුස්ලිම් අන්තවාදයත් අරාබි සංස්කෘතියත් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එම ධූරයේ බලය යොදා ගනිමින් ආරක්ෂක අංශ වලට රාජ්‍ය පරිපාලනයට බලපෑම් කරමින් සිටින බවත් මොහුගේ කියුම් කෙරුම් නිසා ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබෙන බවද මෙම තත්ත්වයට ගරු කටයුතු ආණ්ඩුකාරධූර පත්කිරීමේ වගකීමෙන් ජනාධිපතිවරයාට මිදිය නොහැකි බවද අවසන් වරට පත්කළ ආණ්ඩුකාරවරුන් හතරදෙනාම සමාජයීය ගෞරවයට හා පිළිගැනීමට ලක්නොවුනු පුද්ගලයන් බවද ප‍්‍රකාශ කළ නීතිඥ අරුණ දීපාල් මහතා අසාද් සාලි බස්නාහිර පළාත තුළ තම අණසක විහිදුවමින් තම ජාතිවාදී ලැදියාවන් මත පරිපාලන සේවය හා රාජ්‍ය සම්පත් හසුරුවමින් සිටින බවද ප‍්‍රකාශ කළේය. ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක සු`ඵ ජනකොටස් අතහැරීම නිසා ඔවුන් ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී දේශපාලන පක්ෂ තුළට ඇඳී ගිය බවත් දැන්වත් මහාපක්ෂ දෙක තුළට දෙමළ හා මුස්ලිම් ජනතාව වතුකරයේ ජනතාවත් එකතු කර ගැනීමට ධූරදර්ශීව කටයුතු කළ යුතු බව ප‍්‍රකාශ කළ හිටපු මන්තී‍්‍රවරයා හිස්බුල්ලාගේ ඡුන්ද 22000ට ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් ලබාදී එම මන්තී‍්‍රධූරය තම පක්ෂයේ ශාන්ත බණ්ඩාරට ලබාදී ඔහුට ආණ්ඩුකාරධූරය දුන්නේ කවර දේශපාලන න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් දැයි ජනතාව විමසන බවත් ඉදිරි මැතිවරණයකදී මේ සියලූ දෙනාට අමතක නොවන පාඩමක් බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් උගන්වනු ඇති බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
නිරෝෂා අතුකෝරළ මන්තී‍්‍රතුමිය කියා සිටියේ කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වෛද්‍යවිද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා බැලූ බැල්මට අපරාදයක් සිදුවී ඇති බව පෙනෙන මේ සහගහන අපරාධයට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බව මු`ඵ රටේම මව්වරුන් මේ ගැන අවදියෙන් සිට මේ ඇති වී තිබෙන බිය සහ සැකය අවසන් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් රජයට හා බලධාරින්ට බලකළ යුතු බවද ප‍්‍රකාශ කළ අතර මෙම පරීක්ෂණ වලට ඇමතිවරුන් කරන අනිසි බලපෑම් මැදිහත්වීම් නතර කළ යුතු බවද කියා සිටියේය.
රංගන ශිල්පි උදාර රත්නායක ප‍්‍රකාශ කර සිටියේ අසාද් සාලි ආණ්ඩුකාරයාගේ ප‍්‍රකාශ වලින් සමාජය නැවතත් ගිනියම් වෙමින් ඇති බවත් ඔහුට කටකලියාවක් දමා පැත්තකින් නොතැබුවහොත් ජනතාව වීදි බැසීම නොවැළැක්විය හැකි බවත් ඔහුගේ මෙම ප‍්‍රකාශ පිළිකුලින් හෙළා දකින බවද ප‍්‍රකාශ කළේය.

 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.